
(යොහාන් භාසුර)
පළාත් පාලන මැතිවරණය පිළිබඳව කර ඇති තාක්ෂණික පර්යේෂණවල ප්‍රතිඵල අනුව ආණ්ඩුවට සියයට 10ක පමණ ඡන්ද ප්‍රතිශතකයක් ලැබෙනු ඇති බවත් මැතිවරණයේ අවසන් ප්‍රතිඵලයේදී ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ දෙකටම සියයට 8ක පමණ සුළු ඡන්ද ප්‍රතිශතකයක් ලැබෙන බවත් නිදහස් ජනතා සන්ධානයේ විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (6) පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා දුන් ඓතිහාසික නඩු තීන්දුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රණාමය පුද කරන බව කී ජී. එල්. පීරිස් මහතා ආණ්ඩුවට අකමැත්තෙන් හෝ මැතිවරණයකට මුහුණ දීමට සිදුවන බව ද සඳහන් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මැදහත්වීමෙන් මැතිවරණයට ඇති බාධා සියල්ලම ඉවත් කිරීම මැතිවරණ කොමිසමට ප්‍රබල සහයක් බවත් නාමයෝජනා පත්‍ර ඉදිරිපත් කළ රාජ්‍ය නිලධාරීන් 3500කට සිදුවී ඇති අගතියට මැතිවරණ කොමිසම මැදිහත් විය යුතු බවත් ඒ මහතා කීය.
මැතිවරණ කොමිසන් සභාව හැකි ඉක්මනින් මැතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශ කළ යුතු බව කී ඒ මහතා සඳහන් කළේ පොලිස්පතිවරයා, මුද්‍රණාලාධිපතිවරිය ක්‍රියාකලාපය අවසන් කර මැතිවරණ පැවැත්වීමට සහාය දිය යුතු බවත්ය.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ස්වාධීනව කටයුතු කිරීමේ බලය ලැබී ඇති බව කී පීරිස් මහතා පැවසුවේ එය මග හැරියොත් එය බරපතළ වරදක් බවත්ය.
නිදහස් ජනතා සන්ධානයේ තුන්වැනි පටුමග කාර්යාලයේදී අද (6) පැවැති මාධ්‍ය හමුවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා පොහොට්ටුවෙ ඇමතිකම් දරපු කාලේ රාජපක්ෂලා කොම්පියුටර් ජිල්මාට් දාලා වැඩේ කරගත්තා වගේ, රනිල් රාජපක්ෂලාත් මොකක් හරි ගේමක් ගහයි.
ආණ්ඩුව එතැනට පල්ලං බහින කොට ඔහේලා උඩට යයි කියල ද හිතේ?
ආණ්ඩුව ට 8 යි. අපි ට 80 යි. හෙලිකොප්පරේ උඩින්ම, ප්‍රොෆෙසර්..
නීතිය සම්බන්ධ මහාචාර්ය තුමාට ප්‍රශ්නයක් ඇතිවුනාම අධිකරණයට යන්න මොළයක් තිබුනෙ නැහැ අනුන් ලැබූ ජයග්‍රහණය ගැන තමන්ගෙ වගේ උදම් අනනවා.ලැජ්ජයි මහාචාර්යතුමා .දෙවැන්න ඔහේගෙ මූලිකත්වයෙන් පොහොට්ටුව හැදුවා ඒකෙ සභාපති වෙලා ආණ්ඩුව පිහිටුවා ගත්තා දැන් තමුන්නැහැ කියනවා ආණ්ඩුව ගන්නෙ සියයට අටයි කියලා ඒ කියන්නෙ තමුන්නැහැලා මෙවර සම්පූර්ණයෙන්ම අතුගෑවිලා යනවා කියලා තමුන්නැහැලාම පිළිගන්නවා අනේ මහාචාර්යතුමා මැතිවරණය සදහා ඉදිරිපත් වෙලා කුජීතම නොවී දැන්වත් දේශපාලන වැඩවලින් ඉවත්වෙලා ගරුනම්බු ඇත්ත පැත්තකට වෙලා පිනක් දහමක් කරගෙන යන තැකකට අවශ්‍ය ගමන් වියදම් සපයා ගන්න
ඔය ගොට්ටෝ ටිකනම් හේදිලාම යනවා.දුකයි ඒත් ඇත්තයි.
ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂ දෙකම නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ වසර 35ක් සිටි ඔබලා රට ගොඩනැගීමට නැවත පාර්ලිමේන්තුවට පැමිණිය හැකිද ? ලංකාවේ වෙනත් පිරිසකට රටේ බලය ලබාදීමට අකමැතිද ?
මිනිසුන් රැවටීමේ සීමාවක් තිබිය යුතුයි .ඔබ කියනවා තාක්ෂණික පරීක්ෂණයකින් හෙලිඋන චන්ද ප්‍රතිෂතය 8% ට බහිනවා කියලා.එතකොට කෝ ඔබේ පක්ෂයට ලැබෙන චන්ද ගණන ජවිපෙට ලැබෙන චන්ද ගණන ,සමගි ජනබලවේගයට ලැබෙන චන්ද ගණන එවා තවම ගනිනවද
රට බංකොලොත් වෙනකල් හිටියේ පාන්ඩුවේ මම හිතන විදියට . දැන් සුදනෝ . මෙයාලට සියයට 0 යි . මෙච්ච්චර කල් රට බංකොලොත් වෙනකල් කල සේවයට . ලැජ්ජාවක් නැති හැටි .