(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පළාත් පාලන මැතිවරණය නැමැති මෘත දේහය අද තියෙන්නෙ වික්‍රමසිංහ මල්ශාලාවේ බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.
මැතිවරණ නොපැවැත්වීමෙන් රටේ මතුවී ඇති විනාශය කිසිවකුටත් විනෝදයක් කරගැනීමට ඉඩ නොතැබිය යුතු බවද ඔහු සඳහන් කළේය. අලහප්පෙරුම මහතා මෙසේ පැවසුවේ අත්‍යවශ්‍ය සේවා මහජන පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.
ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද සඳහන් කළේය.
ලෝකයේ බොරු වර්ග තුනක් තියෙනවා. බොරු,සංඛ්‍යාලේඛන බොරු,පට්ටපල් බොරු ඒ තුනයි. ජනාධිපතිතුමා මෙතනට ඇවිල්ල තුන්වෙනි බොරුව කිව්වා. එතුමා කිව්වා ඡන්දයක් ප්‍රකාශ කරලා නැහැ කියලා. ඡන්දයට නාමයෝජනා පත්‍ර බාර දීල ඉවරයි. ඇයි එහෙම කතා කියන්නෙ. පළාත් පාලන සභිකයින් සංඛ්‍යාව අඩු කරන්න පනතක් ගෙනල්ලා තියෙනවා කියලා එතුමා කිව්වා. ඒකත් මුළුමනින්ම අසත්‍යයක්.
ඡන්දය කල් දාන කුමන්ත්‍රණය පිටුපස සිටින ඝාතකයා කවුද කියලා පැහැදිලි වුණා. මැතිවරණ දේහය අද තියෙන්නෙ වික්‍රමසිංහ මල්ශාලාවේ. රුධිරයෙන් මැතිවරණ කල් දාපු අවස්ථා ගණනාවක් තියෙනවා. සිරිමාවෝ මැතිවරණ කල් දැම්මා.
ජේ ආර් ජයවර්ධන ඒක කළා. සංවර්ධන සභා මැතිවරණයේදී කොළඹින් මැරයන් යැව්වා යාපනයට. යාපනය පුස්තකාලය ගිනි තිබ්බා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට උතුරේ තරුණයන් බැලට් එක වෙනුවට බුලට් එක තෝර ගත්තා. අනූ අටේදී ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට මදාවිවාදය ක්‍රියාත්මක කළා.
මහර අතුරු මැතිවරණයේදී ලයිට් කපලා කරපු දේ අපි දැක්කා. මැතිවරණ වංශ කතාව නිරුවත් කරලා දැම්මා. මේ ඡන්ද හතෙන් පහක් පහකටම නායකත්වය දුන්නේ එක්සත් ජාතික පක්ෂය. පහෙන් දෙකකට අගමැතිවරයා විදිහට නායකත්වය දුන්නේ රනිල් වික්‍රමසිංහ. ඒ නිසා ඔහුට මේ සාපෙන් ගැලවෙන්න බැහැ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය හැම අපරාධයකටම ඔය අප්පුහාමිලාත් වග කියන්න වෙනවා... මෙලෝ දෙයක් බැරි කෙනෙක් ගෙනාවා වැඩකරන විරුවා කියලා... ඊට පස්සේ එයාව එලෙව්වාම වැඩබිමක්, මුඩුබිමක් කෙරුව කෙනා ජනාධිපති වෙනතුරු බකන් නිලාගෙන හිටියා. දැන් ඇවිල්ලා බයිලා ගහනවා.
රනිල් කියන්නේ පට්ටම පට්ටපල් හොරෙක්. මුට චන්දය අවශ්‍ය නැහැ බැංකු හොරා කන්නයි අවශ්‍ය
සමහරු ඒක තියන් පෙට්ටිය යටට වෙලා බූරුවා ගහනවා .ඔන්න ඔහොමයි වැඩ සිද්දවෙන්නේ
ඩලස් හොඳ එකා ,,, මෙක 2019 ගෝට ගේන්න නොකලෙ මොනවද? මෙයා කරපු එක වැඩක් පෙන්නන්න බලන්න.
ශ්‍රියාන් විකුම්සිහගෙ ප්‍රදනත්වයෙන් අදාහනය එම මැදරෙදිම සිදු කරන්න ඇති. ජනාධිපතිවරයා කියනව කල් දාන්න චන්දයක් නැතිලු. ඒහෙම නම් අද රටට චන්දෙන් පත් උන ජනාදිපතිවරයෙකුත් නැත. එලෙස චන්දෙකින් පත් නොවු ජනාදිපතිවරයෙකුට චන්දෙකින් ඇති වැඩකුත් නෑ.
රනිල් රාජපක්ෂ කල්ලියත් හොරු ඔබ ඇතුළු කල්ලියත් හොරු .පසු ගිය දශක 2 ක කාලයක් රට පාලනය කලේ ඔබලා එකතුවෙලා .දැන් බොරුවට නාට්‍ය පෙන්නමින් අපිව මුලා කරනවා .ලබන චන්දෙදී ඔබලා සියල්ල ගෙදර යවනවා
මේ ඔක්කොම එකයි.. කාලකණ්ණි එකතු වෙලා රට කාලා දැන් එනවා කියවන්න...
ඔයා ඉතිහාසය දන්නවා දූෂිත මැතිවරණ ගැන. චන්ද්‍රිකාගේ කාලේ තිබුණා වයඹ දූෂිතම පළාත් සභා ඡන්දය අමතක වෙලා... එජාප කාන්තාවක් මහපාරෙ නිරුවතින් ඇදගෙන ගියා. ඔබත් ආණ්ඩුවේ හිටියා....
ඔය හම්බවෙන්න ඉන්න බබාගේ තාත්තා රනිල් නේද?