
(නිමල කොඩිතුවක්කු)
පළාත් කළමනාකරණ සේවා නිලධාරී පුරප්පාඩු 2850 කට වැඩි ප්‍රමාණයක් පවතින බව රාජ්‍ය පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සංගමය පවසයි.
බස්නාහිර පළාත පුරප්පාඩු 684 ක්, වයඹ 503 ක්, මධ්‍යම 373 ක්, නැගෙනහිර 339 ක්, උතුරු 239 ක්, උතුරු මැද 199 ක්, දකුනු 187 ක්, ඌව 185 ක්, සබරගමුව 161 ක් ලෙස මෙම පුරප්පාඩු පවතින බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් අමිල බණ්ඩාර මහතා සඳහන් කළේය.
මෙයට අමතරව කළමනාකරණ සේවාවේ අධිශ්‍රේණියේ පුරප්පාඩු 250ක් පවතින බවත් එයින් මධ්‍යම රජයේ පුරප්පාඩු 130ක් සහ පළාත් රාජ්‍ය සේවාවේ 120ක් පමණ ඇති බැවින් එම විභාගය ද කඩිනමින් පවත්වන්නැයිද ඔහු සඳහන් කළේය.
ව්‍යවස්ථානුකූලව ඒ බදවා ගැනීම් සදහා අවශ්‍ය උපදෙස් පළාත් බලධාරීන් වෙත ලබා දෙනන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතාගෙන් ඉල්ලීමක් කරන බවද බණ්ඩාර මහතා කීවේය.
කාලාන්තරයක් තිස්සේ නොවිසඳුණු අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් කඩිනමින් විසදුම් ලබා දීමට කටයුතු කරන ලෙස සියලුම කළමනාකරණ සේවා සංගම් අවධානයෙන් පසුවන බවත් අමිල බණ්ඩාර මහතා තවදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පත්තරේම ලිපියක් තියෙනවා ලක්ෂ ගානක් සංවර්ධන නිලධාරීන් ඉන්නවා කියලා. ඔවුන් මොන රෙද්දක් සංවර්ධනේ කරනවාද මම දන්නේ නැහැ. ඔවුන්ගෙන් උගත් අය ටිකක් තෝරාගෙන ඔය පුරප්පාඩු පුරවන්න බැරිද?
2024 අගෝස්තු මස 18 පැවැති කලමනාකරණ සීමිත තරග විභාගයෙන් මෙතෙක් බඳවා ගැනීම් කර ඇත්තේ ලකුණු 109 දක්වා පමණි. ඉන් මේ වනවිට 134 දෙනෙක් පත්වීම් ලබා ඇත. නැවත බඳවා ගැනීමකදී ලකුණු 108 සිට 104 දක්වා බඳවා ගන්නා ලෙස ඉල්ලීමක් කරමි...
පුරප්පාඩු කිය කියා වංචාකාරීව පහසුවෙන් ජීවත්වෙන හොරු තොගයක් තවත් බඳවා ගෙන බංකොලොත් වෙලා හොම්බෙන් යන රට නැත්තටම නැති කරලා දමා පල්ලා! දැනටමත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පිරිලා කේක් කකා තේ බොමින් කතා කරකර ඉන්නවා නැත්නම් ෆෝන් වලට කොට කොටා ඉන්නවා හැකිතරම් කෙස් පැලෙන තර්ක දමමින් මහජනයා රස්තියාදු කරවනවා! පාලකයෝ එහෙම දෙයක් නෑ වගේ ඉන්නවා...
මම මේකේ දැක්ක සංවර්ධන නිලධාරීන්ට වැඩ නෑ කියලා තියනවා .එහෙම අය ගොඩක් ඉන්නේ ප්‍රධාන නගර ආශ්‍රිත ආයතන වල