IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පළාත් කීපයකට විටින් විට වැසි

(ඩයනා උදයංගනී)

නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් අද (6) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සබරගමුව පළාතේත් කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි වැසි ඇතිවන බව ද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු අනතුරුවලින් ආරක්‍ෂාවීමට පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කර ඇත.

 



අදහස් (1)

පළාත් කීපයකට විටින් විට වැසි

කාළගුනේ Monday, 06 March 2023 05:36 PM

කාළගුන අනාවැකි කියද්දී මාතර ගාල්ල හා කලුතර දිස්ත්‍රික්කයේ කියලා කියන කාළගුනේ නිළධාරින් කඩුගන්නාව රඹුක්කන පැත්තේ සිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොටට ආසන්න සියඹලාගොඩ දක්වා මායිම්ව පවතින සබරගමුව පළාතේ කියලා කියනවා.එහෙම කියන්න තියෙන විශේෂත්වය මොකක්ද කියලා අහන්න හිතෙනවා මාතර සිට ගාල්ලට සැතපුම් තිහකට අඩුයි ඒත් සබරගමුවේ මායිම් අතර බසයෙන් ගියොත් යාමට අවම වශයෙන් පැය පහක් පමණ වත් කාලයක් ගතවෙනවා එතරම් විශාල ප්‍රදේශයක් සදහා අනාවැකි කිව්වම ඒක හරියටම කියන්න පුළුවන් වෙනවා නේද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site