ජනාධිපති ලේකම් කාර්යාලය අවට ගාලු මුවදොරහි සිටි විරෝධතාකරුවන්ට බලධාරින් බලහත්කාරී හා ප්‍රචණ්ඩකාරී ලෙස අද (22) අලුයම කළ පහර දීම තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ගාලු මුවදොරට පිවිසෙන මාර්ග අවහිර කරමින් හමුදා නිලධාරීන් සහ පොලිසිය සිය ගණනක් මහජනතාවට එම ප්‍රදේශයට ඇතුළුවීම වළක්වා ඇති බව පෙනෙන්නට තිබුණි බව ද නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
එම ප්‍රදේශයට ඇතුළුවීමට උත්සාහ කළ නීතීඥවරුන් කිහිපදෙනකුම බලධාරින් විසින් වළකා ඇති බව කියන නීතිඥ සංගමය තම වෘත්තීය මට්ටමින් මැදිහත් වීමට උත්සාහ කළ නීතීඥවරුන් අවම වශයෙන් දෙදෙනෙකුට හමුදා නිලධාරීන් විසින් පහර දී ඇති බවට දන්වා ඇතැයි ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය නිවේදනය මඟින් සඳහන් කරයි.
නිරායුධ සිවිල් වැසියන්ට ආරක්ෂක අංශ විසින් පහර දෙන අයුරු ද වීඩියෝ දර්ශනවල දැක්වෙන බව අදාළ නිවේදනයේ දැක්වේ.
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝන් අගේන් නීතිඥ කල්ලිය ඇපෙන් ගැලවෙන්න ප්‍රකාශයක් කර ඇති පැහැදිලිය.
ඇයි හෙලා දකින්නෙ? එ ලමයින්ගෙ මානව හිමිකම් වලට පෙනි හිටින්නෙ නැද්ද? ඔයාලත් නාකියගෙ මල්ලට වටිලද දැන්?
වධකයෙක්ව ජනාධිපති කරගත්තාම ඔහොම වෙනවා.
මෙවැනි බලලෝභී කාලකණ්ණි පාලන ක්‍රම පවත්වාගෙන යාම සඳහා නිරායුධ සිවිල් වැසියන්ට පහරදීම තරයේ හෙළා දැකිය යුතුයි.
ඔය සංගමය තමයි මේවාට මුල...
මුළු රටටම පාරට බහින්න වෙලයි තියෙන්නේ... ඔය කට්ටියට ඒක නතර කරන්න බැහැ..
ඔය සංගමය තමයි මීට හේතුව ...
බලධාරීන් පහර දී බලහත්කාරයෙන් අල්ලාගෙන ඇත්තේ තම ජීවනෝපාය පවත්වාගෙන යන ජනාධිපති ලේකම් කාර්යාලයේ හිමිකරුවන් වෙතයි. එකී හිමිකරුවන් විසින් මෙතෙක් තමන් භුක්ති විඳිමින් සිටි තම දේපල ජනාධිපති ලේකම් කාර්යාලයක් ලෙස ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අද දිනම රජයට පවරා දීමට කලින්ම තීරණය කරගෙන තිබී ඇත. එබැවින් තම පෞද්ගලික දේපලක් වන ජනාධිපත් ලේකම් කාර්යාලයේ රැඳී සිටි හිමිකරුවන්ගේ මානව අයිතිවාසිකම් කඩ වී ඇත. නෛතිකව අවසර ලබා දී ඇති උද්ඝෝෂණ භූමිය ගැන කිසිඳු තොරතුරක් නැත. එහෙත් එම ප්‍රදේශය නිරුපද්‍රිතව තිබේ. තවද මෙතුවක් කලක් නැරඹීමට හා එහි නිදහසේ රැඳී සිටීමට හැකියාව තිබූ පිරිසිදු ගාලු මුවදොර පිටියට එලෙසින්ම ප්‍රවේශ වීමට තිබූ මහජන අයිතිය ගැනද සඳහනක් නැත. එය මෙම අරගලය හේතුවෙන් නිදහසක් නැති අපිරිසිදු හා අමන තැනක් බවට පත්ව තිබුණි. රටේ ආර්ථිකයට සෘජුව බලපාන මර්මස්ථානයක් වශයෙන් එම ප්‍රදේශයේ හෝටල් අසල ඇති අවිධිමත් බව ගැන හෝ ජනාධිපති කාර්යාලය හා තදාසන්න අධි ආරක්ෂිත කලාපයන් පිළිබඳව හෝ කිසිඳු සඳහනක්ද නැත. ඕනෑම අයකු වෘත්තිකයකු වන්නේ තම කේෂ්ත්‍රයට හිමි ස්ථානය තුලදී පමණි. අනෙක් සෑම ස්ථානයකදීම වෘත්තිකයෝද මිනිසුන්මයි...
“තම වෘත්තීය මට්ටමින් මැදිහත් වීමට උත්සාහ කළ නීතීඥවරුන් අවම වශයෙන් දෙදෙනෙකුට...” — හැබෑටම? අර රීඩි මාවතේ අරගල තිබුණ කාලේවත් එහෙම මැදිහත් වුණා කියලා කවදාවත් වාර්තාවෙලා නැහැනේ. සේවාව සපයන්නේ ගෙවන ගාස්තු අනුවනේ නේද? ලංකාවේ කොහේවත් පෙරී මේසන් වගේ නීතීඥයෝ නැහැනේ...
නීත්‍යානුකූලව ජනවරමින් පත්වුණු, හිටපු ජනපති පහ කරවමීමට මොව්න්ද වගකිව යුතුයි.
ජනපති හා අගමැති මැදුර විනාශ කරනකොට ඔය ලිඳ ලඟ සංඟමය කොහෙද හිටියේ,,? -මෙදා පොටේ දෙනවා බැටේ-
නීතීඥ වරුන් ලෙස දිවුරුම් දෙන්නේ, රටේ දේපල සහ පෞරාණික වස්තුන් විනාශ කර බලහත්කාරයෙන් රාජ්‍ය දේපල විනාශ කරන්න උදව් කිරීමද? සාමකාමී නිදහස් අරගල අනිවාර්යෙන් පිළිගත යුතුයි. (නිර්පාක්ෂික) දැන් බලය උදෙසා දේශපාලන තර්ස්තයන් සමගම කුඩ්ඩන් මෙය මෙහෙයවන බවයි පෙනෙන්නේ. පාඩමක් ඉගෙන ගත්තා, ඇත්ත.., හැබැයි හැමදෙනාව බය ගන්නන්න හදන එකට එකඟ වෙන්න බැහැ. ඕනෑම දෙයක් ඕනෑවට වඩා හොඳ නැහැ. තිබුණාටත් වඩා විනාශයක්මයි වෙන්නේ...