(සුජිත් හේවාජුලිගේ)
රාජපක්ෂවරුන්ගේ භූත ආත්ම පාර්ලිමේන්තුවේ තවමත් සැරිසරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත් කළේ ඒ භූත ආත්ම බවත් ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
කෙසේ වෙතත් රාජපක්ෂවරුන් ජනතාව විසින් පලවා හරිනු ලැබ අවසන් බවද ඔහු සඳහන් කළේය.
නව ජනාධිපතිවරයා අරගලකරුවන් මර්දනය කිරීමට සූදානම් වන බව පැවසූ දිසානායක මහතා ඊට මුහුණ දීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බවද ප්‍රකාශ කළේය.
මේ අවස්ථාවේදී අනිවාර්යෙන්ම මැතිවරණයකට යායුතු වන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කොළඹදී ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හනුමා...!
රාජපක්ෂවරුන් 04 දෙනෙක් තවමත් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ලේසියෙන් පනින්න ලැබෙන්නේ නැහැ. තකතීරුකම තවමත් ඉවර නැහැ. ඡන්දෙන් දැන් තිබ්බත් එන්න බැහැ. කෙටියෙන් කියනවා නම් 88-89 කරගන්න ලෑස්තිවෙන්න එපා...
1971 ඉදම රටට ඔලුව උස්සන්න නොදෙන කාලකන්නියා දෙමල ඩයස්පෝරාවෙන් යැපෙන තොපි විනාස කරනකල් ලංකාවට හරියන්නෙ නැහැ. රනිල් නියම කොන්ද තියන පිරිමියෙක්. ගෝඨාභය වගේ නෙමෙයි කියල දැන් තේරැම් ගනින් රට හදන්න ඕන මෙහෙම තමයි. තොපි රට බේරගත්ත රන විරැවන්ට කතා කරපු හැටි රටම දැක්ක. මුසල ලපයගෙයි. දෙමල තට්ට කමාරගෙයි පස්සෙ යන කාලකන්නි.
හ්ඈ මාක්ස්වාදීන් දැන් භූතාත්මත් විශ්වාස කරනවා ද?
මේ අරගලය පිටිපස්සෙන් ඉන්නේ JVP සහ අන්තරේ කණ්ඩායම්! අරගලය, වැඩවර්ජන නතර කරන්න පුලුවන් AKD ජනපතිවරයා විදියට පත්කිරීම තුළින් පමණි! කරුණාකරල JVP කියන්න හොරා හොරා නොකියා 1994 සිට පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ ජනතාවට ඉටුකළ මෙහෙවර! ඔබතුමාගේ පක්ෂයේ වත්කම් බැරකම් ප්‍රකාශයක් ඉදිරිපත් කල හැකි?
88,89 කාලෙත් මෙහෙම අධි තක්සේරුවක ඉඳල තමයි ජවිපෙ විනාශ වුනේ . එම පැතිකඩක් ම තමයි දැන් තියෙන්නේ . මේවා ට ඉඩ නැහැ දැන් .
ඇයි මේ කලබලවෙලා. අරගළය දුවන්නේ NGO මුදල්වලින්. අරගලයට කෙළින්ම සම්බන්ධ අය ඒ ඒ රටවලට පැනගනිවී . අනෙක් අයට අබ සරණයි. ඉතා නිවැරදි දේ බුද්ධ ධර්මයේ ලියවිලා තිබුණට ඒ හැමදේම මිනිසුන් පිළිපදින්නේ නැහැ. ඒ නිවැරදි දේ අරගලයක නමින් අපට මතක් කර දෙන්න අවශ්‍ය නැහැ. බුදු දහමට අනුව දිවි ගෙවන්න. ප්‍රශ්ණවලට පිළිතුරු එතන දී ලැබේවි.
අරගල පාවිච්චි කරල බලේට යන්න සූදානම් ඔහෙල වගෙ අය අපේ එවුන් ගුටිකද්දි පලාතෙ නෑ. වසන්තයට නෙලාපු එකත් හොඳයි එක අතකට
දැන්වත් උසිගැන්වීම් නවත්වනවාද?
රනිල්ව එළවන්න, දැන්ම සියලු දෙනාම එකාවන්ව පෙළගැසෙමු...
ඔයා තමයි මේ ඔක්කොම අවුස්සන්නේ. ඊළඟ පාර මොකක්වත් හම්බවෙන එකක් නෑ.
බය වෙන්න එපා. පහර දීලා නවත්වන්න බැරි නම් ඊට වඩා ක්‍රම තියෙනවනේ. ඔබලා බොහෝ සේ ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට අගෞරව කළ බව විතරක් මතක තියා ගත්තා නම් ඇති..
පාර්ලිමේන්තුවේ කොතෙක් කලක් කියෙව්වත් තවමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවා නැහැ කියලා පැහැදිලියි. මැතිවරණයකට යාමට අවශ්‍ය බව අපිත් කියනවා. නමුත් ව්‍යවස්ථාව අනුව මැතිවරණය අවසන්ව ආණ්ඩුව පත්වී වසර දෙකහමාරක් ගතවීමට පෙර මැතිවරණය පවත්වන්න බැහැ. කාලය අවසන් වුණාම මැතිවරණය පවත්වාවි..
එළියෙත් 3%, ඇතුළෙත් 3 කට නම් තියෙනවා... ගහලා පන්නපු එක හරි. නැතුව ඔතැන ගෙවල් හදාගෙන පදිංචි වෙන්නද කියන්නේ? අනික කළින් සැරවල් වගේ මිනිස්සු එන්නේ නෑ... ආපහු ඕකට ගැහුවා කියලා. මිනිස්සු දන්නේ කවුද ඕක මෙහෙයවන්නේ කියලා..?
භූත ආත්ම බවට පත්වන්නේ මනුෂ්‍යයන් කායිකව මියගිය පසුවයි. ජීවත්ව සිටිනා මනුෂ්‍යයින් පිළිබඳව ඔය අන්දමට කතාකරන මෙම පුද්ගලයාගේ සභ්‍යත්වය වටහා ගැනීමට එයම ප්රමාණවත්ය. රටේ ඉතිහාසය කෙසේ වෙතත්, තම පවුලේ ඉතිහාසය පවා නොදන්නා තරුණ පරපුරක් නොමඟ යැවීම ඉතා පහසුයි. නමුත්, ඔහු කියන්නා වූ කරුම විමුක්තියේ ප්‍රතිඵල අත්විඳ ඇති, ඒ පිළිබඳව මනා මතකයක් ඇති බුද්ධිමත් පිරිසක් තවමත් මෙම රටෙහි ජීවත් වෙති...
අනේ මහතැන, අනුගාමිකයින් වුණාම තම සංවිධායකයින්ට කීකරු විය යුතු බව හිතට ගන්න, විනයක් තියාගන්න. දැන් අරගලයේ සංවිධාකයින්ගේ ඉලක්කයට ඇවිත් හමාරයි. සංවිධායකයින් ඉවත් වෙලා දින ගණනක්... ඉතින් ඇයි අනුගාමිකයෝ තවමත් අරගලයේ ඉන්නේ..?
නියමිත පරිදි මැතිවරණයක් පවත්වද්දි අපි බලමු. දැනට තරුණයන්ව උසි ගන්වන්නෙ නැතිව ඉමු නේද?
පෙට්රල්වලින් දුවන වාහන කෙසේවෙතත් ලේ වලින් දුවන තත්වයක් මේ ලපරාල රටට කරන්න හදන්නේ..!
කිරිපුතා කියන ආකාරයට.. පහර නොදී තව ක්‍රම සහ විධි තියෙනවා.. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ගතිගුණ දැන් සිහි වෙනවා ඇති.. හිත හොඳ වැඩි වුණාම වෙන දේ එතුමාටත් වුණා...
විරයෙක් වගෙ මූණට මූණ යන්න බල්ලෙක් වගේ ඉව අල්ලනේ නැතූව අහිංසක කොල්ලන් බිල් ලට දෙන්න නැතූව.
ඔව්... පහරදී ඉවර කළ නොහැකිය. පරණ ටයර් පාවිච්චි කළ යුතුම වේ...
පහර විතරක් මදි... පහර පිට පහර දෙන්න ඕනේ...
ඔව් ඔව්. පහරදීලා බෑ කියලා වසන්ත උන්නැහේට හම්බවෙච්චි ඒවායින් පේන්න ඇති. අහිංසක කොල්ලෝ කෙල්ලෝ බිල්ලට දීලා බලේට එන්න හදන කාලකන්නි...!
අහිංසක මෝඩ කොල්ලනේ, මේ අයගේ ගැටවලට අහුවෙන්නේ නැතිව ගෙවල්වලට යන්න. 89 කොල්ලන්ට දීපු කෑම ඔබලාටත් ඉල්ලලා දෙන්නයි හදන්නේ... අන්තිමට ඔබලාට කව්රුත් නෑ...
මතන අදහස් දාලා තියෙන ඔක්කෝටම දැන් තෙල් පෝලිම් වල මැරුණු අය, කන්න නැතිව ගඟේ පැන්න අය, පාසල් නැතිව අනාථ වුණු ළමයි. බඩු ගන්න සල්ලි නැතිව මැරෙන මිනිස්සු ඔක්කෝම මතක් වෙලා. ඕක තමයි ප්රභාකරන් කිව්වේ. මේ අයට ආයෙත් කන්න නැතිවෙනකොට අරගලය මතක්වෙයි. ගුණමකු සිංහලේ...!