IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පැහැරගත් වෑන් රිය සුසාන භූමියක් අසළ

(රොමේෂ් මධුෂංඛ)

යාපනය කයිතඩි බටහිර ප්‍රදේශයේදී දින දෙකකට පෙරදී පැහැරගෙන ගිය සුඛෝපභෝගී වෑන් රථයක් යාපනය මීසාලෙයි පොදු සුසාන භූමිය අසල දමාගොස් තිබියදී සොයාගත් බව චාවකච්චේරි පොලීසිය පවසයි.

මෙම වෑන් රිය කයිතඩි බටහිර ප්‍රදේශයේදී වෑන් රථයේ හිමිකරු විසින් විකිණීම සඳහා දමා තිබූ දැන්වීමකට අනුව පසුගිය 04 වනදා පුද්ගලයින් දෙදෙනෙකු වෑන්රථය මිලට ගැනීමට පැමිණ එය පරික්ෂා කොට වෑන්රථයෙන් පරික්ෂණ ගමන්වාරයක් සඳහා යාමට හිමිකරුගෙන් යතුර ඉල්ලා පනගන්වාගෙන ගොස් ඇති අතර එහිදී වෑන් රථය රැගෙන ගිය පිරිස් ආපසු පැමිණ නොමැත.

කෙසේ වෙතත් අදාල පිරිස් හා වෑන් රථය පැහැරගැනීම පිළිබඳව එහි හිමිකරු විසින් චාවකච්චේරි පොලීසියට පැමිණිල්ලක්ද දමා ඇති අතර ඊයේ (06) සවස මීසාලෙයි පොදු සුසාන භූමිය අසලදී අංකතහඩු නොමැති වෑන් රථයක් හිමිකරුවන් නොමැතිව දමාගොස් ඇති බවට පොලීසියට ප්‍රදේශවාසියෙකු විසින් දැනුම් දී ඇත.

අනතුරුව අදාල ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් විසින් වෑන් රථය පරික්ෂා කොට පැහැරගෙන ගිය වෑන්රථයේ හිමිකරුට දැනුම්දී ඇති අතර පසුව හිමිකරු එම ස්ථානයට පැමිණ 0 4 වනදා පැහැරගෙන ගිය වෑන් රථය එය බවට හඳුනාගනු ලැබීය.

කෙසේ වෙතත් වෑන් රථය පැහැරගෙන ගිය පිරිස් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතරම වෑන් රථයේ අංක තහඩු ගලවා කිසියම් ජාවාරම් කටයුත්තක් සඳහා සැකකරුවන් විසින් වෑන් රථය යොදාගත්තේද යන්න පිළිබඳව සැක සහිත බවටද පොලීසිය පැවසීය.

වෑන් රථය මිලට ගැනීමට පැමිණි පිරිස් සොයා පුලුල් පරික්ෂණයක් අරඹා ඇති බවට චාවකච්චචේරි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (0)

පැහැරගත් වෑන් රිය සුසාන භූමියක් අසළ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 380 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 225 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site