
(දයාරත්න ඇඹෝගම)
පොහොර සහනාධාරය ලබාදෙන ලෙස ඉල්ලමින් මධ්‍යම නුවරගම් පළාතේ ප්‍රාදේශීය සභාවේ එජාපයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රි ආර්.අනුර බණ්ඩාර මහතා අමුඩයකින් සැරසි විලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පිහිටි බස් නැවතුම් පලේ වහලය මත නැගි අද (30)දින විරෝධතාවයක නිරතවිය.
පසුගියදා පැවති කන්න රැස්විමේදි පොහොර සහනාධාරය ලබාදෙන බවට පැවසිම නිසා ජනතාව වී වගාව ආරම්භ කළද මෙතෙක් පොරොන්දු පරිදි පොහොර සහනාධාරය ලැබි නොමැති බවත් අනුර බණ්ඩාර මහතා පැවසිය.
පොහොර සහනාධාරය ලබාදෙනතුරැ තමන් මෙම විරෝධතාවයේ නිරතවන බවද හෙතෙම පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ දායක සභාව? හෝදමු... හෝදමු...
ඒකට මොකද? රජ වුණේ ගොවි පුතෙක්නේ... පොඩ්ඩක් ඉවසලා ඉන්න.
ඔන්න ඕකට ඔහොම වහලා උඩම ඉන්න අරින්න.
නිවැරදිව පොහොර සහනාධාරය දුන්නේ මහින්ද රාජපක්ෂ. සෑම පොහොර වර්ගයකටම අදාළව. විවෘත වෙළඳ පොළේ අලෙවි කලා.එච්චර දෙන්න බැරිනම් රජයට දරන්න පුලුවන් සහනාධාරය අදාළව විවෘත වෙළඳ පොළට දාන්න. නියම ගොවීන් පොහොර භාවිත කරයි.දැනට පවතින ක්‍රමය කසිප්පු ගංජ ගහන්න මුදල් බෙදීමක්.... මුදලින් දෙන සහනාධාර සෑම විටම දූෂණයට හේතුවෙනවා. එය ප්‍රායෝගික සත්‍යයක්....