
(නිමන්ති රණසිංහ)
කොළඹ වරායට පැමිණ ඇති චීන පොහොර නෞකාවේ ඇති පොහොර තම රටට භාරගත නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා චීන තානාපති වී. ශෙන්හොන් මහතාට දැනුම් දී තිබේ.
චීන තානාපති වී. ශෙන්හොන් මහතා ඊයේ 28 පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ දී මේ බව සඳහන් කර ඇතැයි වාර්තා වේ.
තම රට ඉල්ලා ඇති නිර්ණායක වලට අනුව ලබාදෙන පොහොර පමණක් අප බාර ගැනීමට සූදානම් බවද මෙහිදී අග්‍රාමාත්‍යවරයා සදහන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
මෙම කරුණු ඉදිරිපත් වූයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය පැවති මාධ්‍ය හමුවේ දීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හරි ,අසූචි වුනත් නියම ප්‍රමිතියට තියෙන්න ඕන නේ
මේස යටින් ගනුදෙනුවක් වගේ
බයියෝ පිනවන්න හදන්නේ චීනත් එක්ක එකතු වෙලා ,මෙතන වෙන්නේ නැවේ නමත් වෙනස් කරලා ඔය ටික රටට ගන්න එක
ප්‍රමාධ ගාස්තුත් ගෙවලා ඕක භාර ගන්න වනවා මයි
හැරෙන තැපෑලෙන් සුපුරුදු විදිහටම රිවස් නිර්ණායකයක් ගහයි
ඒවා ඒවා චීනයේ වැසිකිලි වලටම යවන්න .මෙහෙ ය ඒවාට කියන්නේ කක්කුස්සි පොහොර කියලා
ඔහොම කියල හොරෙන්ම බාගෙන හෙට අනිද්දා ලංකාවෙ කාබනික පොහොර කොම්පැනියක් දාල ඒකේ හදපුව කියල ලේබලේ ගහල විකුණනවා අපේ අප්පච්ච්.
ඔය ගූ ටික හොරෙන් බාන්න
10% ගානේ ලබාදුන්නු රටෙන් ඔහොම ප්‍රතික්ෂේප කරනවා කියන්නේ අමූලික බොරුවක්
හා හා හා විනෝද සමය. අද විනෝද සමය පිටපත සහ රංගනයෙන් දායක වූවෝ මහින්ද සහ මහින්දානන්ද? මොන බොරුද? චීනාගේ දෙපා අල්ලලා වැඳලා සිපගෙන ඇවිත් අපිට පච කෙලිනවා. මේක චීනයේ යටත් විජිතය.
විශ්වාස කරන්න බැහැ බැහැ වගේ...
අගමැතිතුමා හෝ මැදිහත්ව ප්රශ්නය විසඳපු එක හොඳයි. මින් ඉදිරියට හෝ චීනාගේ අසූචි මිශ්‍ර කොම්පෝස්ට් පොහොර නොගෙන්වීමට පියවර ගැනීම වැදගත් දෙයක්...