(අංජුල මහික වීරරත්න)

කෘෂිකර්ම අමාත්‍යංශය සතු පොහොර ගබඩා සියල්ල මේ වන විට පිරී ගොස් ඇතැයි කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙි වන විට පොහොර නැව් තුනක් කොළඹ වරායට පැමිණ තිබෙන බවද එක් නැවක බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 41,876ක් ද අනෙක් නැවේ යුරියා මෙට්‍රික් ටොන් 16,000ක් සහ තවත් නැවක යුරියා මෙට්‍රික් ටොන් 9,300ක් තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම පොහොර සියල්ලම හෙට (5)සිට ගොවි ජනතාවට බෙදා හරින බවත් හෙක්ටෙයාර් එකකට යුරියා පොහොර කිලෝ ග්‍රෑම් 157.5ක් එක්වර ලබා දෙන බවත් අමාත්‍යවරයා කීය.

ගොවීන්ට රුපියල් 10,000ක මිලකට පොහොර දෙන නමුත් රජය විසින් මෙම පොහොර ගොවි ජනතාවට ලබා දීම සඳහා රුපියල් මිලියන 18,000ක මුදලක් සහනාධාර වශයෙන් වැය කරන බව ඊට අමතරව කාබනික පොහොර මිල දී ගැනීම සදහා ගොවීන්ට රුපියල් 20,000ක සහනාධාරයක් ලබා දීම සඳහා රජය රුපියල් මිලියන 16,000ක් පමණ වෙන් කර තිබෙන බවත් අමාත්‍යවරයා කීය.