
(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන දේ හරියට කළොත් ලංකාවෙි මහා සමාජවාදී විප්ලවයක් කළ හැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
පොහොර සම්බන්ධයෙන් ආණ්ඩුව ගත් තීරණය සම්පූර්ණයෙන්ම වැරදි බව මූල්‍ය අරමුදලේ වාර්තාවේ ද දැක්වෙන බව කී අබෙිවර්ධන මහතා යහපාලන ආණ්ඩුව එදා ඉතා අධික ලෙස බදු පැනවූයේ අධික ලාභ ලැබූ අයට යැයිද මූල්‍ය අරමුදල ද කියන්නේ ද අධික ලාභ ලබන අයගෙන් බදු අය කළ යුතු බව යැයිද සඳහන් කළේය.
ලංකාවෙි බදු ක්‍රමය වෙනස් කළ යුතු බවත් වැඩි ආදායම් ලබන අයගේ බදු රඳවා ගත යුතු අතර, එහි සහන අඩු ආදායම් ලාභීන්ට ලබා දිය යුතු බවත් මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාවේ දැක්වෙන බවද එහි ඇති වරදක් දකින්නේ නැතැයි ද වජිර අබෙිවර්ධන මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලා අවුරුදු ගණනාවක් රට පාලනය කලානේ මූල්‍ය අරමුදල කියන විදියට.මොකද්ද වුන සෙතේ ?දේශපාලකයෝ මහා පරිමාණයෙන් හොරාකන නිසා තමා මේ සේරම විපත් .මොවුන්ගේ කඳ බඩ දිහා බැලුවම පේනවා රටේ අහිංසක ජනතාවගේ මුදල් කොච්චාර හොරා කාලාද කියලා.
මෙයාලා කරන විදිහ වැරැදියි කියන එකේ තේරුම ඔයාලා හරියට කළා කියන එක නෙමෙයි...