
(සමන් පාලිත නානායක්කාර)
වැලිමඩ ගොවීහු පිරිසක් සිය වගාවන්ට පොහොර ලබා දෙන්නැයි ඉල්ලා ගොවි බිම්වලට අද දහවල් විරෝධතාවක නිරත වූහ.
කලු කොඩි, විරෝධතා පුවරු හා පෝස්ටර් රැගෙන පා ගමනින් වැලිමඩ උඩුබාදන වෙල්යායට පැමිණි ගොවීහු පැය දෙකක පමණ කාලයක් තම වගා බිම්වල සිට උද්ඝෝෂණයේ නිරත වූහ.
සංචාරණ සීමා නොතකා ගොවීහු උද්ඝෝෂණයේ නිරත වූ අතර වගා හා කුඹුරු විනාශවීම වළක්වා ගැනීමට වෙන කළ හැකි දෙයක් නොමැති බැවින් මෙසේ සිය විරෝධතාව දක්වන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ බදුල්ල දිස්ත්‍රික් විධායක සභික ඩබ්ලිව්. එම්. ගුණවර්ධන මහතා පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට තම ජීවිකාව අහිමිවීමෙන් රටේ දරිද්‍රතාවය වැඩිවනවා නේද? කල් ඇතිව නිසි සැලැස්මක් නොමැතිව කාබනීකරණයට අතගැසීමෙන් රසායනික වගාව අතරමැද නවතා දැමූ ගොවීන්ට වූ පාඩුව රටටම වූ පාඩුවක් නොවේද? විශේෂඥයින් පවසන්නේ තනි කාබනික වගාව ලොව කිසිමරටක සිදු නොවන බවයි. සාක්ෂාත් වූ අධ්‍යයනයකින් තොර මෙය සිදුකර ඇත්නම් ඇතිවිය හැකි ආහාර හිඟය රටේ සංචාරක ව්‍යාපාරයට පවා බලපාන අතර එම හිඟය පියවීමට අධික ලෙස රසායන යොදා වගාකරන ඉන්දියාවෙන් ආහාර ද්‍රව්‍ය ගෙන්වීම ආන්දෝලනාත්මක හා විහිළු සපයන්නක් වනු ඇත...