(ඉන්දිකා රාමනායක)
මාන්කුලම් කොකාවිල් රක්ෂිතයේ පුහුණුවක නිරත වෙමින් සිටි හමුදා සෙබළකු යුද ටැංකියක ගැටී බරපතල තුවාල ලබා මියගොස් ඇති බව යුද හමුදාව පවසයි.
මියගොස් ඇත්තේ තඹුත්තේගම පදිංචි අයි වී දසනායක නමැති (19) හැවිරිදි සෙබළෙකි.
මෙම සෙබළා කොක්විල් පුහුණු කඳවුරේ පුහුණුව ලබමින් සිටියදි අතරතුර කොකාවිල් රක්ෂිතයේ දින කිහිපයක සිටි යුද ටැංකිය යොදාගෙන පුහුණුවක නිරත වී ඇති බවත්, එසේ පැවති පුහුණුවක් අතරතුර ඊයේ (5) ධාවනය වෙමින් සිටි යුද ටැංකියක ඉදිරිපස අනපේක්ෂිත ලෙස ගැටී ඇති බව මාන්කුලම් පොලිසිය පවසයි.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබු සෙබළා කිලිනොචිචි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මාන්කුලම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd