(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් එම පක්ෂයේ තරුණ මැති ඇමැතිවරුන් පිරිසක් දැඩි කලකිරීමට පත්ව සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
පක්ෂය ගතානුගතිකව තවදුරටත් කටයුතු කිරීම සහ 2015 පරාජයෙන් පසුව හා මේ වසරේ ඇතිවූ සිද්ධිවලින් පාඩම් ඉගෙන නොගෙන කටයුතු කිරීම නිසා මෙම තත්වය ඇතිව තිබෙන බව පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ම සදහන් කළහ.
එම තත්වය මත පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කණ්ඩායම් වශයෙන් බෙදී තැන්වල කතා කරන්නට පටන් ගෙන ඇතැයි ද ඔවුහු සඳහන් කළහ.
පොදුජන පෙරමුණේ ප්‍රධාන රැස්වීම් කිහිපයක් පසුගිය කාලයේ දිස්ත්‍රික්ක කිහිපයක පැවැත්වුවද,තරුණ මැති ඇමැතිවරුන් බොහෝ දෙනකු ඊට සහභාගි නොවූයේ මෙම කලකිරීම නිසා බවද ඔවුහු කියා සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නම් අහලා තියෙන්නේ බලු නකුට හත් අවුරුද්දක් උණ පුරුකෙ දාලා තිබ්බත් දිග අරින්න බැහැ කියලා.
හෙනම් දැන් පනින්න.
කොහොමත් පොහොට්ටුවට 10% ක්වත් ඡන්ද නැහැ. ලබන පාර ඉල්ලුවොත් ඇපත් නැහැ.
There should be a limit of cheating or fooling !
පොහොට්ටුව දැන් හොඳටම පරවෙලා.ඔතනින් අයින් වෙයල්ල.
ඔය පක්ෂය හැදුවේ හොරු රැළකගේ ගැලවීමට මිස රට ගොඩගන්න නෙමෙයි කියන එක තේරුම් ගන්න.
රට විනාශ කර ගැනීමට ඔය හැමෝම දායක විය..!
ඔය කොයි පක්ෂයේ අය වුණත් කලකිරෙන්නේ නම් අනේ මේ රටට, රටේ ජනතාවට සිද්දවෙන අසාධාරණකම්, අකටයුතුකම් ගැන සලකා බලලා නෙමෙයි. තමන්ට හම්බ කරගන්න, ඇමතිකමක් ලොකු තනතුරක් ලබාගන්න පරක්කු වෙන එක ගැන හිතලා...
තරුණද? නාකිද? වැඩක් නෑ. 20ට අත් උස්සපු කෙනෙක්ට ආයෙත් ඡන්දෙ දෙන්න එපා.
If they are given ministry post to enjoy and plunder they will start singing again for the Srilanka පාදඩ peramuna
තරුන මංත්‍රීලා කියන උන් මෙලෝ රහක් නැති මෙලෝ වැඩක් නැති හැම එකකටම අත උස්සමින් ඉන්න කාලකන්නි රැලකි.මුන් මේ අමුඩ ගහන්නේ බල්ටි ගහල ආයෙත් පාර්ලිමේන්තු එන්න.මුන්ව තමයි මුලින්ම එලවන්න ඕනෙ.ඔය එකෙක්වත් ජනතාව වෙනුවෙන් හඩක් නැගුවද?
මොවුන් ගොඩාක් අය තාත්තගේ බූදල් ඇමැතිකම ගන්න ආපු අය... පරම්පරාවෙන් එන දේශපාලනයෙන් ජීවත්වෙන පරපෝෂිත හොරුන්...
පොහොට්ටුව හැදුවේ දූෂිත පවුල් පාලනේ අයගේ පැවැත්මට. තමුන්ගේ වාසියට බලතණ්හාවට. බලයේ හිටපු කාලේ පවුලේ අය එකාට එකා කරපු හරිය ලෝකෙම දන්නවා...
කළකිරෙන්න නෙවේ ඉදිරියට වෙන්නෙ බෙල්ලෙ වැල දමාගන්න. රටේ ආර්ථිකය මේ විදියට දිනෙන් දින පිරිහුණොත් මිනිසු ජීවත් වෙන්න බැරිකම නිසා පාරට ඇවිත් රටේ බලය අල්ලා ගනීවි. එවිට ඔවුන් විසින් පොහොට්ටු කාරයයෝ අල්ලලා අර 88/89 කාලේ බටලන්ද වධාකාරය වගේ ඒවට ගාල් කරලා දෙතිස් වද ඔබට දීලා මරලා දමාවි. දැන් කළයුතු එකම දෙය මේ වෙලාවේ පණ බේරගෙන පිට රටකට දරු පවුල් සමග පළායෑමයි.