IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොහොට්ටු තරුණ මන්ත්‍රීවරු කලකිරෙති

(අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් එම පක්ෂයේ තරුණ මැති ඇමැතිවරුන් පිරිසක් දැඩි කලකිරීමට පත්ව සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පක්ෂය ගතානුගතිකව තවදුරටත් කටයුතු කිරීම සහ 2015 පරාජයෙන් පසුව හා මේ වසරේ ඇතිවූ සිද්ධිවලින් පාඩම් ඉගෙන නොගෙන කටයුතු කිරීම නිසා මෙම තත්වය ඇතිව තිබෙන බව පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ම සදහන් කළහ.

එම තත්වය මත පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කණ්ඩායම් වශයෙන් බෙදී තැන්වල කතා කරන්නට පටන් ගෙන ඇතැයි ද ඔවුහු සඳහන් කළහ.

පොදුජන පෙරමුණේ ප්‍රධාන රැස්වීම් කිහිපයක් පසුගිය කාලයේ දිස්ත්‍රික්ක කිහිපයක පැවැත්වුවද,තරුණ මැති ඇමැතිවරුන් බොහෝ දෙනකු ඊට සහභාගි නොවූයේ මෙම කලකිරීම නිසා බවද ඔවුහු කියා සිටියහ.

 



අදහස් (14)

පොහොට්ටු තරුණ මන්ත්‍රීවරු කලකිරෙති

ravin Saturday, 05 November 2022 07:35 PM

අපි නම් අහලා තියෙන්නේ බලු නකුට හත් අවුරුද්දක් උණ පුරුකෙ දාලා තිබ්බත් දිග අරින්න බැහැ කියලා.

:       1       27

නිහාල් Saturday, 05 November 2022 11:19 PM

හෙනම් දැන් පනින්න.

:       1       20

de silva Sunday, 06 November 2022 01:55 AM

කොහොමත් පොහොට්ටුවට 10% ක්වත් ඡන්ද නැහැ. ලබන පාර ඉල්ලුවොත් ඇපත් නැහැ.

:       2       27

Demuni Uduwara Sunday, 06 November 2022 04:53 AM

There should be a limit of cheating or fooling !

:       2       19

Bamunu Sunday, 06 November 2022 09:25 AM

පොහොට්ටුව දැන් හොඳටම පරවෙලා.ඔතනින් අයින් වෙයල්ල.

:       4       24

Prabha Sunday, 06 November 2022 01:35 PM

ඔය පක්ෂය හැදුවේ හොරු රැළකගේ ගැලවීමට මිස රට ගොඩගන්න නෙමෙයි කියන එක තේරුම් ගන්න.

:       2       19

sriyal Sunday, 06 November 2022 01:57 PM

රට විනාශ කර ගැනීමට ඔය හැමෝම දායක විය..!

:       2       11

චන්දිම ෆොන්සේකා Sunday, 06 November 2022 02:05 PM

ඔය කොයි පක්ෂයේ අය වුණත් කලකිරෙන්නේ නම් අනේ මේ රටට, රටේ ජනතාවට සිද්දවෙන අසාධාරණකම්, අකටයුතුකම් ගැන සලකා බලලා නෙමෙයි. තමන්ට හම්බ කරගන්න, ඇමතිකමක් ලොකු තනතුරක් ලබාගන්න පරක්කු වෙන එක ගැන හිතලා...

:       0       11

Rata Perata Sunday, 06 November 2022 02:17 PM

තරුණද? නාකිද? වැඩක් නෑ. 20ට අත් උස්සපු කෙනෙක්ට ආයෙත් ඡන්දෙ දෙන්න එපා.

:       2       11

Lion Sunday, 06 November 2022 03:14 PM

If they are given ministry post to enjoy and plunder they will start singing again for the Srilanka පාදඩ peramuna

:       1       4

මෝ Sunday, 06 November 2022 03:36 PM

තරුන මංත්‍රීලා කියන උන් මෙලෝ රහක් නැති මෙලෝ වැඩක් නැති හැම එකකටම අත උස්සමින් ඉන්න කාලකන්නි රැලකි.මුන් මේ අමුඩ ගහන්නේ බල්ටි ගහල ආයෙත් පාර්ලිමේන්තු එන්න.මුන්ව තමයි මුලින්ම එලවන්න ඕනෙ.ඔය එකෙක්වත් ජනතාව වෙනුවෙන් හඩක් නැගුවද?

:       0       10

shyam Sunday, 06 November 2022 04:37 PM

මොවුන් ගොඩාක් අය තාත්තගේ බූදල් ඇමැතිකම ගන්න ආපු අය... පරම්පරාවෙන් එන දේශපාලනයෙන් ජීවත්වෙන පරපෝෂිත හොරුන්...

:       0       8

ගමේ එකාලා Sunday, 06 November 2022 04:44 PM

පොහොට්ටුව හැදුවේ දූෂිත පවුල් පාලනේ අයගේ පැවැත්මට. තමුන්ගේ වාසියට බලතණ්හාවට. බලයේ හිටපු කාලේ පවුලේ අය එකාට එකා කරපු හරිය ලෝකෙම දන්නවා...

:       2       8

sanjeewa Monday, 07 November 2022 01:48 AM

කළකිරෙන්න නෙවේ ඉදිරියට වෙන්නෙ බෙල්ලෙ වැල දමාගන්න. රටේ ආර්ථිකය මේ විදියට දිනෙන් දින පිරිහුණොත් මිනිසු ජීවත් වෙන්න බැරිකම නිසා පාරට ඇවිත් රටේ බලය අල්ලා ගනීවි. එවිට ඔවුන් විසින් පොහොට්ටු කාරයයෝ අල්ලලා අර 88/89 කාලේ බටලන්ද වධාකාරය වගේ ඒවට ගාල් කරලා දෙතිස් වද ඔබට දීලා මරලා දමාවි. දැන් කළයුතු එකම දෙය මේ වෙලාවේ පණ බේරගෙන පිට රටකට දරු පවුල් සමග පළායෑමයි.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 173 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 154 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site