(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් දැන්ම ප්‍රසිද්ධියේ කිසිවක් ප්‍රකාශ නොකරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් එම පක්ෂයේ මැති ඇමතිවරුන්ට දැනුම් දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරණයට තවත් වසරකටත් වැඩි කාලයක් තිබෙන බැවින් ,පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයකු සම්බන්ධයෙන් දැන්සිටම අදහස් පළ කිරීම ගැටලුකාරී බව ද,මැති ඇමතිවරුන්ට දන්වා ඇතැයි ආරංචිමාර්ග වලින් පැවසේ.
මීළඟ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් කිහිප දෙනකු දේශපාලන වේදිකාවලදී ප්‍රකාශ කළ අතර,ඒ සම්බන්ධයෙන්ද පක්ෂය තුළ මතභේදයක් හටගෙන ඇතැයි දැනගන්නට ඇත.
ජනාධිපති අපේක්ෂකයකු සම්බන්ධයෙන් දැන් සිටම අදහස් ප්‍රකාශ කිරීම පක්ෂයේ ඉදිරි කටයුතු වලට බාධාවක් විය හැකි බවද ඔවුන් පෙන්වා දී ඇතැයිවාර්තා වේ.
මේ අතර, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග සහ විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර යන මහත්වරුන් පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ,මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුදුසු බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේක්ෂකයා කවුරු වුණත් ලැබෙන අපහාසාත්මක පරාජය නම් සක්සුදක් සේ පැහැදිලියි.
හූ කියයි කියලාද?
මොවුන්ට හොරකන් පුළුවන් නම් ඕනෑම හොරිකඩයෙක් පත්කර ගන්න ඒ අය කැමැතියි. ඔවුන්ට චානස් එකක් නැති වුනොත් තව හොරෙක් පැත්තට හැරිලා ඒ හොරාට කිසිම හිරිකිතයක් නැතුව වැඩ කරනවා. පාහරම දේශපාලනය. මොවුන් ඔක්කෝටම වුවමනා මේ ක්‍රමය දිගටම අරගෙන යන්නයි.
කෙළ හලන්න දෙයක් නෑ. නුඹලාට ගැලපෙන්නේ පුත්තලම් බූරුවන් තමයි.
ඔව්, ඔව්... ඕවා ජනතාවට වැඩක් නෑ. නුඹලාගේම හොරකම්, ජඩකම්වලට උදව් දෙන කෙනෙක් රහසින් පත්කර ගනිල්ලා...
රට වනසපු පොහොට්ටුවට ඡන්දෙ දෙන අයට නම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ...
කළින්ම දැනුම් දෙන එක හොඳයි. නම දැනගත්තු වෙලාවේ ඉඳලා රටේ ජනතාවම කෙළ ගහන්න ගන්නවා. වමනේ දානවා.