IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පොහොට්ටු අපෙක්ෂකයා ගැන කෙළ බිඳක් හෙලන්න එපා

(අජන්ත කුමාර අගලකඩ)

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් දැන්ම ප්‍රසිද්ධියේ කිසිවක් ප්‍රකාශ නොකරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් එම පක්ෂයේ මැති ඇමතිවරුන්ට දැනුම් දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරණයට තවත් වසරකටත් වැඩි කාලයක් තිබෙන බැවින් ,පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයකු සම්බන්ධයෙන් දැන්සිටම අදහස් පළ කිරීම ගැටලුකාරී බව ද,මැති ඇමතිවරුන්ට දන්වා ඇතැයි ආරංචිමාර්ග වලින් පැවසේ.

මීළඟ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් කිහිප දෙනකු දේශපාලන වේදිකාවලදී ප්‍රකාශ කළ අතර,ඒ සම්බන්ධයෙන්ද පක්ෂය තුළ මතභේදයක් හටගෙන ඇතැයි දැනගන්නට ඇත.

ජනාධිපති අපේක්ෂකයකු සම්බන්ධයෙන් දැන් සිටම අදහස් ප්‍රකාශ කිරීම පක්ෂයේ ඉදිරි කටයුතු වලට බාධාවක් විය හැකි බවද ඔවුන් පෙන්වා දී ඇතැයිවාර්තා වේ.

මේ අතර, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග සහ විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර යන මහත්වරුන් පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ,මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුදුසු බවය.

 



අදහස් (7)

පොහොට්ටු අපෙක්ෂකයා ගැන කෙළ බිඳක් හෙලන්න එපා

Sunil Sunday, 30 April 2023 06:23 AM

අපේක්ෂකයා කවුරු වුණත් ලැබෙන අපහාසාත්මක පරාජය නම් සක්සුදක් සේ පැහැදිලියි.

:       0       1

නිහාල් Sunday, 30 April 2023 08:08 AM

හූ කියයි කියලාද?

:       0       1

C.K.Lankaputhra Sunday, 30 April 2023 09:02 AM

මොවුන්ට හොරකන් පුළුවන් නම් ඕනෑම හොරිකඩයෙක් පත්කර ගන්න ඒ අය කැමැතියි. ඔවුන්ට චානස් එකක් නැති වුනොත් තව හොරෙක් පැත්තට හැරිලා ඒ හොරාට කිසිම හිරිකිතයක් නැතුව වැඩ කරනවා. පාහරම දේශපාලනය. මොවුන් ඔක්කෝටම වුවමනා මේ ක්‍රමය දිගටම අරගෙන යන්නයි.

:       0       2

Kumara Sunday, 30 April 2023 12:23 PM

කෙළ හලන්න දෙයක් නෑ. නුඹලාට ගැලපෙන්නේ පුත්තලම් බූරුවන් තමයි.

:       0       2

Rata Perata Sunday, 30 April 2023 01:11 PM

ඔව්, ඔව්... ඕවා ජනතාවට වැඩක් නෑ. නුඹලාගේම හොරකම්, ජඩකම්වලට උදව් දෙන කෙනෙක් රහසින් පත්කර ගනිල්ලා...

:       0       1

fairoos Sunday, 30 April 2023 03:54 PM

රට වනසපු පොහොට්ටුවට ඡන්දෙ දෙන අයට නම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ...

:       0       3

PODDA Sunday, 30 April 2023 06:55 PM

කළින්ම දැනුම් දෙන එක හොඳයි. නම දැනගත්තු වෙලාවේ ඉඳලා රටේ ජනතාවම කෙළ ගහන්න ගන්නවා. වමනේ දානවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site