
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පසුගිය වර්ෂ ගණනාවක් පුරා ආණ්ඩු කටයුතු කළේ ඉදිරි මූල්‍ය ක්‍රමෝපාය ගැන කිසිම සැලැස්මක් නැතිව බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා:- (ජා.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.
අප ඉදිරිපත් කළ මූල්‍ය ප්‍රකාශනය ගැන විපක්ෂයෙන් කිසිම අදහසක් ඉදිරිපත් වන්නේ නැහැ.අප යම් මාතෘකාවක් ඉදිරිපත් කළාම ඔවුන් ඒ මාතෘකාව ගැන කිසි දිනක කතා කරන්නේ නෑ.
ආර්ථික අර්බුදයක ගිලී තිබූ රට දැන් යම් ස්ථාවරත්වයක් අපේක්ෂා කරමින් ඉන්නවා.පසුගිය ආණ්ඩු ක්‍රියා කළ ආකාරය ගත්විට කිසි දිනක ඉදිරි වර්ෂ වල කටයුතු කරන්නේ කොහොමද කියලා ජනතාව දන්නේ නැහැ.ඔවුන් පසුගිය වර්ෂ ගණනාවක් කටයුතු කළේ ඉදිරි මූල්‍ය ක්‍රමෝපාය ගැන කිසිම සැලැස්මක් නැතිවයි.එම නිසා එහි මුදල් හැසිරවීම් තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කරමින් කටයුතු කළා. අපේ ඉදිරි ඉලක්ක සමාජයට කී විට ජනතාව ඒවාට අනුගත වෙනවා.මේ නිසා කිසිවකුට රටේ ධනය නාස්ති කරන්නට ඉඩ ලැබෙන්නේ නෑ යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ, එහෙනම් මේ අවුරුද්දේ ආර්ථික වර්ධනය 7%ක් 8%ක් වෙයි නේද? ගිය අවුරුද්දේ රනිල් සීයාට පුළුවන් වුනේ 5%නේ...