(නිමන්ති රණසිංහ)
කොළඹ තුරඟ තරග පිටියේදී පිහි ඇණුමකින් ඝාතනය වූ විශ්ව විද්‍යාල ශිෂ්‍ය චතුරිකා හංසිනි යන අයගේ මරණය ගෙල ප්‍රදේශයට සිදුවූ තුවාල හේතුවෙන් අධික රුධිර වහනයෙන් සිදුවූ මරණයක් බවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (27) තීරණය කළේය.
මෙම සිද්ධියට අදාළ සාක්ෂි සහ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තා සැලකිල්ලට ගැනීමෙන් පසු මහේස්ත්‍රාත් පරීක්ෂණයේ තින්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය.
ඒ අනුව මෙම මරණයට අදාළ පරීක්ෂණ පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කුරුදුවත්ත පොලීසියට නියෝගයක් නිකුත් කළේය.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරික්ෂණයේදී කොළඹ තුරඟ තරඟ පිටියේ ආරක්ෂක නිළධාරී ජයසුන්දර මහතා සහ මරණයට පත්වූ ශිෂ්‍යාවගේ මිතුරකු වන කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය අබේසිංහ ආරච්චිගේ දොන් නිපුන් අබේසිංහ යන අය ද අද (27) අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්හ.
මෙහි සැකකාර කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය පසිදු චතුරංග යන අය බන්ධනාගාරය මගින් අධිකරණය හමුවට ඉදිරිපත් කර නොතිබූණු අතර ඔහු ප්‍රතිකාර ලබමින් සිටින බවට වාර්ථාවක් ඉදිරිපත් කර තිබිණී.
ඒ අනුව සැකකරු ලබන මාර්තු 13 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ද අධිකරණය නියෝගය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙල්ලගෙ ඇගෙන් රුධිරය වහනය වීමෙන් මරණය වුනානම් මැරිලා තියෙන්නෙ බෙල්ල කැපුවට නොවෙයි නේද. එහෙනම් ඉතින් බෙල්ල කැපූ පසිදු චතුරංග නිදහස් වෙන්න පුළුවන්
ඕන අපරාධයක් කරලා පිස්සෙක් වෙනවා .එතකොට ඉවරයි මහින්ද රාජපක්ෂත් එහෙම කරමුද?