
(සුජිත් හේවාජුලිගේ )
පසුගිය ආණ්ඩු සමයේදී වැරදි ආකාරයට පත්වීම් සහ උසස් වීම් ලබා මුල් පුටු හොබවන ඉහළ පෙළේ නිලධාරී නිලධාරිනියන් දස දෙනෙකු සම්බන්ධයෙන් සුදුසු නිත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය.
මින් සමහරුන් ස්ථාන මාරු කර යැවීමටද රජයේ අවධානය යොමුව ඇත.
මෙම දස දෙනාගෙන් සමහරුන්ට වාහන සහ මුදල් අවභාවිතාව සහ බලය අයුතු ලෙස පාවිච්චි කිරීම ඇතුළු විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳ චෝදනා පවතින බව දැනගන්නට ඇත.
ඇතැම් නිලධාරිනියන් හිටපු නායකයන්ගේ ආශිර්වාදයෙන් ජ්‍යෙෂ්ඨතම නිලධාරීන්ද පසෙකට තල්ලු කර දමමින් ඉතා පහළම තනතුරුවල සිට එකවරම ඉහළට පැමිණි අය වන අතර ඔවුන්ගේ පරිපාලනය දැනුමද ඉතාම පහළ මට්ටමක පවතින බවට රජයට පෙනී ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒත් මාලිමාවුන් එහෙම කරන්නේ නැතිද? දැන් ආණ්ඩුවේ ලොක්කෝ කීයක් ඉන්නවාද පැරෂුට් කාරයෝ? සමහර රජයේ ආයතනවල ලොක්කෙක් නැහැ. මොකද පෙන්දෙක් පත්කරගන්න ඕනෑකම නිසා..
එතකොට කැළනි කැම්පස් එකේ ගජයෝ ටික ආණ්ඩුවේ ඉහළම පුටුවට ආවේ මොන දොරෙන්ද දන්නෑ. සමහරු ජේෂ්ඨම පරිපාලන නිලධාරීන් කී දෙනෙක් කපාගෙනද ඔය තනතුරු වලට ඇවිත් තියෙන්නේ. තමන් කරනකොට විතරක් හරි තියරිය තමයි නේද?
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතා ලේඛනය අනුව පහළින් ඉන්න ගොඩාක් අය දේශපාලන බලයෙන් ලොකු තනතුරු ගැනීම කාලයක් තිස්සේ වෙන දෙයක්. ඒකට මේ ආණ්ඩුව යටතේ වත් තවමත් හරිහැටි නිසි පිළියම් ලැබී නැති බව පේනවා. පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතා ලේඛනය බලද්දී...
රෙද්ද උස්සලා ප්‍රෙමා්ෂන් අරන්...
මේ අලුත් ආණ්ඩුවේ පත්වීම් ගැන නෙමෙයි නේද කියන්නේ..?
ඇත්තටම හොඳ වැඩක් සුදුස්සන් සුදුසු තැන්වලට පත්කිරීම. ජනාධිපති ලේකම්, පොලිස් අමාත්‍යංශයේ ලේකම්, බොහෝමයක් තානාපතිවරු වගේ අයටත් මේ හැන්දෙන්ම බෙදුවොත් විතරයි ඕක තවත් දේශපාලන ප්‍රොජෙක්ට් එකක් නොවන බව අපිට විශ්වාස කරන්න පුළුවන් වෙන්නේ . කොහොම වුණත් මාලිමාව කියන්නෙත් කබරගොයා තලගොයා කරන තවත් එක්තරා දේශපාලන කණ්ඩායමක් විතරක් බව දැන් මොනවාට ඔප්පු වී හමාරයි.