(යොහාන් භාසුර)
දුම්රිය වැඩවර්ජනය ක්‍රියාත්මක වීම නිසා අද (15) පස්වරුවේ දුම්රිය 9 ක් පමණක් ධාවනය කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.
ඒ අනුව ප්‍රධාන සහ උතුරු මාර්ගයේ දුම්රිය 4 ක්, මුහුදුබඩ සහ පුත්තලම මාර්ගවල දුම්රිය 2 ක බැගින් සහ කැලණිවැලි මාර්ගයේ දුම්රිය ලෙස එම දුම්රිය ධාවනය වන බව ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා කීය.
කොළඹ කොටුවෙන් පස්වරු 2.25ට රඹුක්කන, පස්වරු 5.10ට මහනුවර, පස්වරු 4.40 ට ගනේවත්ත සහ පස්වරු 6.00ට මහව දක්වා ප්‍රධාන මාර්ගයේ එම දුම්රිය පිටත්වීමට නියමිතය.
වෙරළබඩ මාර්ගයේ මරදානේ සිට පස්වරු 5.00 ට බෙලිඅත්ත දක්වා සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය සහ පස්වරු 5.25 ට ගාල්ල දක්වා ද, පුත්තලම මාර්ගයේ කොළඹ කොටුවේ සිට පස්වරු 4.30 ට සහ 5.30 ට හලාවත දක්වා ද, කැලණිවැලි මාර්ගයේ පස්වරු 5.00 ට අවිස්සාවේල්ල දක්වා ද, දුම්රිය ධාවනය කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරකයන් යන දුම්රිය පමණක්වත් ධාවනය කරන්න...
උදේ 20 කින් ඇදපු සෙනඟ හවසට 9න්ද ගෙදරටම ගෙනියන්නේ. හරිම අපූරුයි... ජනාධිපති ලේකම් කාර්යාලය කියන විදියට මිනිස්සු අමාරුවේ දාපු හැටි...
ප්‍රශ්නයක් නැහැ. මැති ඇමති වරුන්ට ගෙවල් වලට යන්ට v6, v8 එහෙම තියෙනවානේ.