(සිතුම් චතුරංග)

පාසල් ළමුන් වෙත බෙදාහැරීම සඳහා මත්පෙති කරල් 400 රැගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනකු වවුනියාව, නෙලුක්කුලම ප්‍රදේශයේදී ඊයේ (04) සවස අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත ලැබුණ තොරතුරක් සම්බන්ධයෙන් සිදුකළ වැටලීමකදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවටගත් බව පැවසීය.

සැකකරුවන් දීර්ඝ කාලයක සිට වවුනියාව ප්‍රදේශයේ පාසල් ළමුන් වෙත මත්පෙති බෙදාහැරීම සිදුකොට ඇති බවට තොරතුරු අනාවරණයවූ බවත් පැවසීය.

මන්නාරම හා යාපනය ප්‍රදේශයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මෙම මත්පෙති මිළදී ගෙන රැගෙනවිත් ඇති බවට සැකපලකරන බවත් පැවසීය.

අත්අඩංගුවටගත් සැකකරුවන් වවුනියාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 22ත් 29 අතර වයසේ පසුවන්නෝ වෙති.

සැකකරුවන් හා මත්පෙති තොගය ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා නෙලුක්කුලම පොලිසිය වෙත භාරදීමට නියමිතව තිබුණි.

වවුනියාව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ආර්.ටි.ඒ අමරසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරයි.