
පාසල් ළමුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ දැමීම සඳහා දෛනිකව බිත්තරයක් ලබාදීම පිළිබඳව සොයා බලන්නැයි අධ්‍යාපන අමාත්‍යවරයාට උපදෙස් ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) පැවසීය.
බේකරි හිමියන්ගේ සංගමය හා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විජේරාම නිලනිවසේදී හමු වූ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
බේකරි නිෂ්පාදන සඳහා බිත්තර මිල බලපාන ආකාරය පිළිබඳව බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය විසින් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළ අතර බිත්තර නිෂ්පාදනයේ දී වැයවන අධික පිරිවැය සම්බන්ධයෙන් බිත්තර නිෂ්පාදකයෝ එහිදී කරුණු පැහැදිලි කළහ. දිවයිනේ සියලුම බේකරි නිෂ්පාදන ආයතන සඳහා ස්ථාවර තොග මිලකට බිත්තර ලබාදීමට හැකි බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය මෙම හමුවේදී අවධාරණය කළේය. ඒ අනුව පාරිභෝගිකයන්ට සහනයක් සැලසෙන අයුරින් සංගම් දෙක අතර ගිවිසුම්ගත සම්මුතියකට පැමිණෙන්න යැයි අග්‍රාමාත්‍යවරයා අදාළ නියෝජිත පිරිසට දැන්වූයේය.
කුකුළු පැටවකුගේ මිල රුපියල් 175-200 අතර මිලකට පහත හෙළීම පිළිබඳව සහ බිත්තර නිෂ්පාදකයන් සහ බේකරි හිමියන් සඳහා වන ගිවිසුම්ගත එකඟතාවයට මැදිහත්වන්න යැයි අග්‍රාමාත්‍යවරයා විෂය භාර අමාත්‍යවරුන්ට මෙම හමුවේදී උපදෙස් දුන්නේය.
මෙම අවස්ථාවට සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පශු සම්පත්, ගොවිපොල ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් හා අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් අමන්දා කරුණාතිලක මහත්මිය ඇතුළු බිත්තර නිෂ්පාදකයින් හා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමයේ නිලධාරී මහත්ම මහත්මීහු රැසක් එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර හොඳ දෙයක්ද? මහින්දානන්ද අලුත්ගමගේ දරුවන්ට මෙතෙක් කල් දීපු කිරි එක නවත්තලා ලුණු කැඳ දෙන්න හදනවා. මහින්දානන්ද හාල් කැඳ කියලා කියන්නේ ලුණු කැඳ වලට. පාසල් දරුවන්ට කිරි පැකට් එකක් දෙන එක මුලින්ම පටන් ගත්තේ අගමැතිතුමා ජනාධිපතිවරයා වෙලා ඉන්න කාලේ 2013 අවුරුද්දේ. කිරිවලින් ලැබෙන පෝෂණය ලුණු කැඳ වලින් ලැබෙන්නේ නැති බව මහින්දානන්දට කවුරු හරි කියලා දෙන්න. දරුවන්ට දෙන කිරි එක නවත්තන්න ඉඩ දෙන්න එපා.
ගවමස් තහනම් කර බිත්තර ගිල්ලවීමට යෑමේ පව් පින් අනුපාතය කිමෙක්දැයි පහදා දෙන්න මහරජාණෙනි....
ඔය ගවමස් තහනම් කතාව දිගින් දිගටම වනාන්තර විනාශ, රාජකීය ගොඩනැගිලි කැඩීම් වැනි රජය අපකීර්තියට පත්වුණු දේවල් යටගහන්න බෞද්ධ ජනයාට දීපු ගුණ්ඩුවක්... අනික ඉතින් ඔය බිත්තර කතාව ආපු එකේ ඔය එක බිත්තරයකින් රුපියල් කීයක් සාක්කුවලට යාවිද දන්නේ නැහැ අපේ හාමුදුරුවනේ.
ඔය ඉස්සර අපිටත් දුන්නා වගේ මුද්දර කාඩ් එකක් දුන්නා නම් ඉවරයිනේ...
හරක්මස් වල පව් වැඩි නිසා පව්... අඩු බිත්තර කන උපාසක උපාසිකාවෝ බහුතරයක් මම දාපු කමෙන්ට් එකට අන්ලයික් කරලා වගේ. හොදි වල පව් නෑමයි කියලා කන්නත් පුලුවන් ඒ අයට...
මේ ඔක්කොම සංදර්ශන... මේවා වෙන වැඩ නෙමෙයි..
රටින් බිත්තර? පාසල් ළමුන්ට බිත්තර? ඉන්දියාවේ සහ චීනයේ ප්ලාස්ටික් බිත්තරත් තියෙනවා. දේශපාලකයෝ කොනක ඉඳන් කරන ජාවාරමක් නොවුණොත් නම් මේක ලංකාව නොවේ.