
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කොළඹ ප්‍රදේශයේ බාලිකා විද්‍යාලයක ඉගෙනුම ලබන දාහත් හැවිරිදි පාසල් සිසුවියක සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන යමින් ඇය අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරවා දූෂණය කළ බව පැවසෙන 23 හැවිරිදි තරුණයෙක් කොළඹ මධ්‍යම කොට්ඨාසයේ පිහිටි පොලිස් ස්ථානයක විවිධ පැමිණිලි විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින්සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු සමඟ සමග හෝටල් කාමරයක රැඳී සිටි එම දාහත් හැවිරිදි සිසුවිය ද පොලිස් භාරයට ගත් අතර ඇය කොළඹ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ දියණියකි. අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා කිසිදු රැකියාවක් නොකරන අයෙක් බවද පැවසේ.
තම දියණිය පාසල් ගොස් ආපසු නිවසට නොපැමිණි බව කියමින්එම සිසුවියගේ මව පොලීසියට පැමිණිල්ලක් කර ඇත.
දියණිය තරුණයකු සමඟ වසර හයක පමණ කාලයක සිට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන බවදඇය කළ පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය පවසයි.
කොතරම් අවවාද කලත් දියණිය එම සම්බන්ධතාවය නතර කර නොමැති බවද ඇය පොලීසියට පවසා ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ අනාගතය ගොඩනගා ගැනීමට තිබෙන කාලය තුල දෙමාපිය අවවාද පවා නොතකා අයාලේ යන තරුණ ළමයින් මේවා දැක යහ මගට යනු දැකීම අපේ අභිලාශයයි.
දනවත්කම වැඩිඋනාම ලමයිගැන බලන්ඩ දෙමවුපියන්ට වෙලාවක් නැහැ.
ඒක තමයි අම්මලාත් දැනගන්න එපාද මේවා නති කර්ර් ද්යක් වුණාට පසුවට දුක් වෙලා වැඩක් නෙඑ