







(ශාන්ත චන්ද්‍රසිරි)
මත්ද්‍රව්‍ය විරෝධී ජාතික වැඩසටහනට සමගාමීව ජනතාව හා පාසල් සිසුන් දැනුවත් කිරීමේ පා ගමනක් අද (01) නානුඔය නගරයේදී පැවැත්විණි.
නානුඔය අවට සිංහල සහ දෙමළ පාසල්වල සිසු සිසුවියෝ 1000 ක පමණ පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.
ගාන්ධි ශාලාව අසළින් ආරම්භ වූ පා ගමන නානුඔය නගරය වෙත පැමිණි අතර, අත් පත්‍රිකා බෙදා දෙමින් ජනතාව දැනුවත්කිරීම ද සිදුවිය. ජනතාව හා පාසල් සිසුන් දැනුවත් කිරීමේ වීදී නාට්‍යයක්ද මෙහිදී රඟ දක්වන ලදී.
නානුඔය පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ප්‍රියන්ත අමරසිංහමහතාගේ උපදෙස් අනුව මෙම මත්ද්‍රව්‍ය විරෝධතා පා ගමන සංවිධානය කර තිබූ අතර, නානුඔය පොලීසියේ නිලධාරීහු, විදුහල්පතිවරු, ගුරුවරු, මව්පියවරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලකයින් ඕව ගනන්ගන්නවද දන්නේ නැහැ... හැම එකාටම බාර් පර්මිට් දීලා.. වැඩක් නැහැ කතා කරලා..