







(ශාන්ත චන්ද්‍රසිරි)
මත්ද්‍රව්‍ය විරෝධී ජාතික වැඩසටහනට සමගාමීව ජනතාව හා පාසල් සිසුන් දැනුවත් කිරීමේ පා ගමනක් අද (01) නානුඔය නගරයේදී පැවැත්විණි.
නානුඔය අවට සිංහල සහ දෙමළ පාසල්වල සිසු සිසුවියෝ 1000 ක පමණ පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.
ගාන්ධි ශාලාව අසළින් ආරම්භ වූ පා ගමන නානුඔය නගරය වෙත පැමිණි අතර, අත් පත්‍රිකා බෙදා දෙමින් ජනතාව දැනුවත්කිරීම ද සිදුවිය. ජනතාව හා පාසල් සිසුන් දැනුවත් කිරීමේ වීදී නාට්‍යයක්ද මෙහිදී රඟ දක්වන ලදී.
නානුඔය පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ප්‍රියන්ත අමරසිංහමහතාගේ උපදෙස් අනුව මෙම මත්ද්‍රව්‍ය විරෝධතා පා ගමන සංවිධානය කර තිබූ අතර, නානුඔය පොලීසියේ නිලධාරීහු, විදුහල්පතිවරු, ගුරුවරු, මව්පියවරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
163
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසල් සිසුන්ගෙන් මත්ද්‍රව්‍ය විරෝධී පාගමනක්
true lankan Monday, 01 July 2019 08:14 AM
පාලකයින් ඕව ගනන්ගන්නවද දන්නේ නැහැ... හැම එකාටම බාර් පර්මිට් දීලා.. වැඩක් නැහැ කතා කරලා..