(සුජිත් හේවාජුලිගේ )
පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන්වූ සෞඛ්‍යමය නිර්දේශ ඉදිරි කොවිඩ් මර්දන රැස්වීමට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු විද්වත් කමිටුව සෞඛ්‍ය අංශ ප්‍රධානීන් සහ අධ්‍යාපන බලධාරීන් සමග දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බවද හෙතෙම ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය ඇමැතිවරයා එම කමිටුව ලබන සතියේදී මුණගැසීමට නියමිතය.
පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් යෝජනා කිහිපයක්ම ලැබී ඇතැයි පැවසූ රඹුක්වැල්ල මහතා හත් වෙනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා පළමුව විවෘත කළයුතු යැයි එක් යෝජනාවක්ද 1, 2 ,3, 4 ශ්‍රේණි මුලින් විවෘත කළ යුතු යැයි තවත් යෝජනාවක්ද මෙසේ ඉදිරිපත්ව ඇති බව කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුව දැන්වත් නතර කරලා ස්කෝල පටන් ගන්න.
ඒ පාසල් වල උගන්වන්නේ කවුද.?
මෙතුමාගේ වැඩේ හෝදන එකනේ... මේ අවුරුද්දේ පාසල් අරින එක කොහොමටත් වෙන්නේ නැහැ.