(එස්.එස්.අබේකෝන්)
අලව්ව-ගිරිඋල්ල මාර්ගයේ පරමාඋල්ල ප්‍රදේශයේදී අද සවස පාසල් වෑන් රථයක් හා ත්‍රීරෝද රථයක් හැපීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් දෙදෙනකු අලව්ව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව අලව්ව පොලීසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ නවතල්වත්ත,උඩගංකන්ද පදිංචි කේ.පී.ප්‍රියංකර නැමැති 28 හැවිරිදි තිදරු පියකු හා එම ලිපිනයේම පදිංචි 32 හැවිරිදි එම්.පී.සිරිනිමල් නැමැති විවාහක තැනැත්තකු බව පොලිසිය පවසයි.
පාසල් වෑන් රථය ගිරිඋල්ල දෙසට ගමන් කරමින් තිබියදී ඉදිරියෙන් වේගයෙන් පැමිණි ත්‍රීරෝද රථය නවතා තිබූ ටිපර් රථයකට ඉස්සර කිරීමට ගොස් වෑන් රථයේ හැපීමෙන් මෙම අනතුර සිදු වූ බව පරීක්ෂණ පවත්වන අලව්ව පොලීසිය පවසයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පාසල් වෑන් - ත්‍රිරෝද රථ ගැටී දෙකක් මරුට