
(යොහාන් භාසුර)
පාසල් නිවාඩුව සහ ශ්‍රීපාද වන්දනා සමයට සමගාමීව විශේෂ දුම්රිය ධාවන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් එම දුම්රිය කොළඹ කොටුව සිට බදුල්ල සහ කන්කසන්තුරේ දක්වා ධාවනය කිරීමට සැළසුම්කර ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ අනුව කොළඹ කොටුව - බදුල්ල දෙපසට විශේෂ දුම්රිය දෙකක් මෙම මස 12, 14, 16, 21, 23, 28 සහ 31 දින හතේ ධාවනය කරන බවත් එම දුම්රිය කොළඹ කොටුවෙන් රාත්‍රී 7.30 ට ද, බදුල්ලෙන් පස්වරු 5.30 ට ද, පිටත්වන බවත් එම දෙපාර්තමේන්තුව කීය.
කොළඹ කොටුව - කන්කසන්තුරේ දක්වා දෙපසට විශේෂ දුම්රිය දෙකක් මේ මස 13 වැනිදා සිට 31 වැනිදා දක්වා දිනපතා ධාවනය කරන බවත් එම දුම්රිය කොළඹ කොටුවෙන් පෙරවරු 5.30 ට ද, කන්කසන්තුරයෙන් පස්වරු 1.50 ට ද, පිටත්වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී පාද වන්දනාව සඳහා පාකිස්තානුවන් විශාල ලෙස උනන්දුවක් දක්වනවා. දැනට එය අයිතිකරගෙන සිටින්නේ කවුදැයි ඔවුන් ප්‍රශ්න කරනවා. ගුවන් සේවයක් ආරම්භ කරන්න. එලෙසම නැගෙනහිර පළාතේ සිටත් දුම්රිය සේවා පවත්වන්න සෑහෙන මුදලක් හම්බ කරගන්න පුළුවන්.