(ඩී.ජී.සුගතපාල)
හත් හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවෙක් නිත්‍යනුකූල බාරකාරත්වයෙන් අපහරණය කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද රුසියානු ජාතිකයෙකු 28 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය අද (21) නියෝග කළාය.
මෙම සිසුවා තවත් මිතුරන් දෙදෙනෙකු සමග නිවස ඉදිරිපිට පාර අයිනේ බයිසිකල් පදිමින් සිටියදි සැකකරු පැමිණ එම බයිසිකලයේම නංවාගෙන ගොස් ඇත.
පසුව සිසුවාගේ මව සහ අසල්වාසින් සොයා බලනවිට මුහුදු වෙරළේ සිසුවා හඩමින් සිටියදි සොයාගෙන තිබේ.අනතුරුව විදේශිකයාද සමග ඔහු පොලිසියට බාරදි ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තායිලන්තයේ මෙන් දරු දැරියන් තමන්ගේ ආශාවන් සඳහා යොදාගැනීමට අවස්ථා බහුල බව ලංකාව පිළිබඳවද ජාත්‍යන්තර මාධ්‍ය මඟින් හෙළිදරව් කරන්නට පටන් ගත්තේ මිට වසර 15 කට පමණ පෙර සිටය. මෙවන් ක්‍රියාවන් දෝෂයට ලක්කෙරෙන වාර්තා වැඩ සටහන් සහ පුවත්පත් වාර්තා බටහිර රටවල මේ කාල වකවානුවේ නොකඩවා ඉදිරිපත් කරනු ලැබිය. මෙවැනි සමහර වැඩසටහන්වල මුහුඳුබඩ පළාත්වල දුප්පත් දෙමාපියන් මුදලට කුඩා පිරිමි දරුවන් විදේශිකයින් හට මුදලට ලබාදෙන අනුවේදනීය දර්ශන ඇතුළත් විය. එමෙන්ම කොළඹ ඇතුළු සමහර තැන්වල මෙම ජාවාරම "ත්‍රී වීලර්" රියදුරන් පවා කරගෙන යන අන්දම පෙන්වනු ලැබිය. මෙවැනි අපරාදයන්ට කොටුවූ අසරණ දරුවන් ඔවුනගේ අප්‍රසන්න අත්දැකීම් විස්තර කල අවස්ථාද, එවැනි අපරාධයන්ට එරෙහිව කටයුතු කරන කණ්ඩායම් වල ක්‍රියාකාරීන්ගේ අත්දැකීම්ද, මුහුදුවැල්ලේ මෙවැනි කටයුතුවල යෙදෙන තරුණයින්ගේ අත්දැකීම්ද මේවායේ විස්තරව සඳහන් විය. මෙම වැඩසටහන් ලංකාවේ බලධාරීන් නොදැක්කා විය නොහැක. එහෙත් කණගාටුවට කරුණ නම් මෙවැනි කටයුතු තවමත් අවසන්ව නැති බව මෙම වාර්තාව කියවන විට වැටහී යාමයි.