(නිමල කොඩිතුවක්කු)
පාසල් උපකරණ, අභ්‍යාස පොත් ඇතුළු ද්‍රව්‍යය සියයට 300කින් පමණ ඉහළ ගොස් ඇතැයි මවුපියන් චෝදනා කරති.
මේ හේතුවෙන් ලබන වසර සඳහා පාසල් අභ්‍යාස පොත් ඇතුළු ද්‍රව්‍ය මිලදී ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයි ද ඔවුහු පවසති.
රුපියල් 10 ක්ව පැවති පැන්සලක් රුපියල් 40 කටත්, පෑනක් රුපියල් තිහකටත්, රුපියල් පනස් පහක පැවති අභ්‍යාස පොතක් රුපියල් එකසිය විස්සේ සිටත් අලවි වන බවත් ඔවුහු සඳහන් කරති.
රුපියල් 1200 කට පැවති පාසල් සපත්තු සහ බෑග් රුපියල් 3000 කටත්, වතුර බෝතල් ආදී සියලු ද්‍රව්‍යයන් වල මිල දරා ගැනීමට නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි ද ඔවුහු කියති.
මෙයට අමතරව පාට පැන්සල්, පැස්ටල්, පැන්සල් පෙට්ටි, ආදී සියලුම ද්‍රව්‍යයන් වල මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ද ඔහු තවදුරටත් පැවසූහ.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසල් උපකරණ අභ්‍යාස පොත් සියයට 300කින් ඉහළට
Sunil Wednesday, 16 November 2022 04:27 PM
ළමයි ඉගෙන ගෙන හමාරයි. දේශපාලකයෝ ඡන්දෙකටම වරෙල්ලකෝ...!
සුරංග Thursday, 17 November 2022 05:41 AM
කපුටා ගමේ චන්දය සංවිධානය කරන්න ළගදීම එනවා කියනවා. ආවම හැට නවය අසූනවයක් කරල දෙමු.එතකොට තුන්සීයකින් මදිනම් දාහකින් වැඩිකර ගන්න පුළුවන්
fairoos Wednesday, 16 November 2022 05:33 PM
නන්දසේන රටට කළ වින්නැහිය බයියන්ට අමතකයි. දැන් සැපද?
බද්රානි Wednesday, 16 November 2022 07:52 PM
මතකද, යහපාලන රජය සමයේ සමයේ පාසල් සිසුන්ට ටැබ් ලබාදෙන්න යෝජනා කළා පමණක් නොවෙයි ඒක ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. එතකොට කිව්වේ බාල වර්ගයේ ටැබ් ළමයින්ගේ ශරීර සෞඛ්‍යට අහිතකරයි කියලා. මතකනේ නේද? අන්න ඒකට විසඳුමක් ලෙස දැන් ගල් ලෑල්ල භාවිතා කරන්න පුළුවන් දේශීය දේ අගයන දේශප්‍රේමීන්ගේ දුවා දරුවන්ට... සුද්දෝ දාන සපත්තු මොකටද අපේ සිංහල දරුවන්ට? අනික ඉතින් දැන් ගොවිතැන් කරලනේ අපි ඩොලර් උපයන්න හදන්නේ. ඒ නිසා පාසල් වෙනුවට ළමයින්ව කුඹුරට බස්සවන එක තමයි කළ යුත්තේ..
LGPJ Thursday, 17 November 2022 06:54 AM
වත්මන් රජයෙන් උසස් පැකේජයක් !!!!!