(සුජිත් හේවාජුලිගේ )
විශ්ව විද්‍යාල ,පාසල් සහ උපකාරක පන්ති නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
විශ්ව විද්‍යාල පාසල් සහ උපකාරක පන්ති ආරම්භ කිරීමට පෙර ඒවායේ ගුරුවරුන්ට එන්නත් ලබාදීම වැදගත් බවත් විශ්වවිද්‍යාල ගුරුවරුන්ට එන්නත් ලබාදීම දැනටමත් අරඹා ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා කීවේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ අනාගත දරු පරපුර වෙනුවෙන් මේ අංශ තුන ඉතා වැදගත්.එබැවින් බලධරයින්ගේ කඩිනම් අවධානය යොමු කිරීම අවශ්‍යයි. දැනටමත් අනාගත දරැ පරපුර බොහෝ දුරට විනාශ වී ගොස් හමාරයි.දැන්වත් කඩිනම් විසදුමකට ඒම වැදගත්. මෙහිදී වචනයට නොවෙයි,සැබෑවටම උපකාරක පන්ති වල ශිෂ්‍ය සංඛ්‍යාව සීමා කරන්න. එමෙන්ම, සිසුන් විශාල සංඛ්‍යාවක් සිටින පාසල් පිළිබ්දවද තිබෙන ගැටලු පිළිබද සොයා බැලීම අතිශය වැදගත්.අමතක කරන්න එපා අල්ලපු ගෙදර ඩෙල්ටා තියෙනවා.
පාසල් ආරම්භ වූ වහාම අඩුම තරමේ වාර විභාගයක් පවත්වා දරුවන්ගේ දැනුම තක්සේරු කරගන්න. එම දත්ත කොට්ඨාශ අධ්‍යාපන, කලාප අධ්‍යාපන, පළාත් අධ්‍යාපන හා අධ්‍යාපන අමාත්‍යාංශය මට්ටමෙන් විශ්ලේෂණය කර ක්‍රමවත් අධ්‍යාපන සැලසුමක් ස්ථාපනය කරන්න. කෝවිඩ් උවදුර නිසා පාසල් අධ්‍යාපනය වැඩිපුරම අහිමි වූයේ බස්නාහිර පළාතටයි. එහෙත් මාර්ගගත අධ්‍යාපන කටයුතු ක්‍රමවත් කිරීමට හා පළාතේ සියලු දරුවන් වෙනුවෙන් කිසිදු සම්පත් දායකත්වයක් නොදක්වා ඇත්තේද බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරින්ය. උදාහරණයක් වශයෙන් සබරගමු පළාත මාර්ගගත අධ්‍යාපනය වෙනුවෙන් වෙබ් අඩවියක් සාදා එහි පිළිවෙලින් සියලු ශ්‍රේණි ආවරණය වන පරිදි අධ්‍යාපන වැඩසටහන්.., පැවරුම් සහ කලින් කලට මාර්ගගතව විභාග පවත්වා පළාතේ සියලු දරුවන් වෙනුවෙන් ඉතා අගනා සේවයක් සිදුකරයි. මෙතරම් පහසුකම් ඇති බස්නාහිර පළාත, අපොස උ/පෙ ඉහළම කඩයිම් ලකුණු සටහන් වන පළාතේ අධ්‍යාපන බලධාරීන් මර නින්දේ පසුවීම පළාතේ දරුවන්ට කරන අතිශය අසාධාරණයකි.
රට සාමාන්‍ය කරණය විය යුත්තේ වෛද්‍ය උපදෙස්වලට පටහැනි නොවන ආකාරයට බව යථාර්ථයයි.
A/L පවතින දිනය හා ඒ සම්බන්ධ වැදගත් තොරතුරු ඇතුලත් ලිපියක් ලබා දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.