
(තිලකරත්න දිසානායක)
ගම්පහ මල්වතුහිරිපිටියට නුදුරු මහ විදුහලක ආපන ශාලාවකින් තිබී මත් කරල් සහ මත් පැකට් කිහිපයක් සමග එම ආපනශාලාව පවත්වා ගිය 42 හැවිරිදි කාන්තාවක, අත් අඩංගුවට ගනු ලැබූ බව මල්වතුහිරිපිටිය පොලීසිය සදහන් කරයි.
පොලීසියට ලද තොරතුරක් මත ආපන ශාලාව පරීක්ෂාවට ලක් කිරීමේදී මත් වර්ගයක කරල් 38 ක් සහ අයිස් වර්ගයේ මත් පැකට් 5 තිබු බව පොලීසිය පවසයි.
අත් අඩංගුවට ගෙන ඇති කාන්තාව මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් වන බවද පොලීසිය සදහන් කරයි.
COMMENTS
ගල් ගසා මරනු...
ඔය ගෑණි හම ගහන්ඩ වටිනවා. දරුවන්ගේ ජීවිත විනාශ කරන්න හදන එක මොනතරම් සහගහන අපරාධයක්ද?
ප්‍රසිද්ධ ස්ථානයක වෙඩි තබා මරණු. අනිත් අයටත් පේන්නම...!!!
මීට වසර කිහිපයකට ඉහතදී මීගමුව ප්‍රදේශයේ දේශපාලකයෙකුගේ නිවසක් නාකොටික් (මත්ද්‍රව්‍ය වැටලීමේ අංශය) ආයතනයේ නිලධාරීන් පිරිසක් වටලා කුඩු සොයා ගත් අවස්ථාවේ, එකල ජනාධිපති හා ඔහුගේ සොහොයුරෙකු හෙලිකොප්ටර් වලින් පැමිණ බේරාගත් බව එහෙම මෙතන ලියලා තියන අය අසා නැතිව ඇති මගේ හිතේ.. ඒ අමනයින්ව රජගෙදරට යවා, හතරගාතෙන් වැටී දණ නමස්කාර කරන අතරතුර, සිල්ලරට කුඩු විකුණන පිරිස් පමණක් හිරගෙදරට යවා හෝ නැතිනම්, ඔවුන්ව එල්ලා මරනු...! කියන්නේ ලොකු තරහවකින් නේද? දැන් ඔය විකුණලා තියන මත්ද්‍රව්‍ය ලංකාවට ගෙනැල්ලා තියෙන්නේත් ඔය විකුණන කෙනාමද?
පාසල ඇතුළට මත්දුව්‍ය ගේන්න පුළුවන් ආරක්ෂක නිලධාරියගේ දැනුම ඇතුව පමණයි. පළමුවෙන් ආරක්ෂක නිලධාරීන්ව අත්අඩංගුවට ගන්න ඕනෑ...
ඇප නොදී දාන්න. දැං ඕකට සපෝට් කරන ඇමති ට දැං කහඹිලියා වැදුනා වගෙ නලියනවා අැති බේරගන්න.
පාසලේ විදුහල්පති දැඩි ප්‍රශ්න කිරීමට ලක් කල යුතුයි.
මෙතන කමෙන්ට් වලින් නඩුවත් අහලා දඩුවමත් දීලා ඉවරයි. ඒ කාන්තාව අහින්සකයි කියලා අද ඔප්පු උනා.
ඔය අදහස් දාපු කවුරු කවුරුත් බද්රානිගෙ කමෙන්ටුව හොදින් කියවා වටහාගන්න.