
(යොහාන් භාසුර)
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
වන්නි දිස්ත්‍රික්කයේ ඉරට්ටපෙරියකුලම් නගර ශාලාවේ පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමින් ඇය එසේ පැවසුවාය.
කිසිම දරුවකුට පාසල් අධ්‍යාපනය මඟ හැරීමට ඉඩ නොතබමින් දහතුන් වසරක අධ්‍යාපනය සියලු දරුවන්ගේ අයිතියක් ලෙස තහවුරු කරමින් විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් මිදුණු පුළුල් අධ්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වා දෙන බවත් එම පුළුල් අධ්‍යාපන පරිවර්තනය කිරීම උදෙසා පාසල් දරුවන්ගේ විෂය නිර්දේශය, ගුරුවරුන්ගේ ඉගැන්වීම් ක්‍රමවේදය, විභාග ක්‍රමවේදය, පාසල්වල පන්තිකාමර ආකෘතිය සහ යටිතල පහසුකම් යන සියලු ක්ෂේත්‍ර වෙනස් විය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය කීවාය. මෙවර අයවැයෙන් ඉතිහාසයේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරන ලද විශාලතම මුදල වෙන් කර ඇති බවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

COMMENTS
විශ්වාස කරන්න තරම් කරුණු මදි. තව විස්තර කරන්න.
පාසල්වල විෂමතාවය මූලිකවම එන්නේ එකවසර ලමයි ඇතුලත් කීරිම පදිංචියට හැර වෙනත් කෝටා ක්‍රම තිබීම නිසා. ඒත් පියා හෝ මවගේ රැකියා ස්ථානය (ආරක්‍ෂක අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය නම් වෙනම කෝටා එකක් ) , පියා හෝ මවගේ ආදිශිෂ්‍ය නිසා දෙනව නම් එතන අනිවාර්යයෙන්ම හොඳ ඉස්කෝල නරක ඉස්කෝල කියල කැඩෙන එක අහන්න දෙයක් නෙමයි. හොර ලියාපදිංචිය හදාගෙන යන එක අපේ රටේ විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමයි. හැබැයි අම්ම තාත්තගේ තත්වය අනුව ලමයින්ට ඉස්කෝලේ තීරණය කරන්නේ අපේ රටේ විතරයි.
මෙවර අය-වැයෙන් අධ්‍යාපනයට ජනාධිපතිවරණ වේදිකාවේ කියපු පොහොසත් රටක් ලස්සන ජීවිතයක් මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශනයෙ කියපු 6% වෙන් කළා ද? ඇත්තටම වෙන්කෙරුණු ගාන කියන්නත් ලැජ්ජයි, අච්චර COVID 19 වසංගත කාලෙත් 2% වෙන්කළා නේද? 1% ක් වත් මාලිමා අය-වැයෙන් අධ්‍යාපනයට වෙන්කරලා නෑ. මෙයා බොරු කියනවා තවත්
අනේ නෝනේ හූන කියන්නාසේ කියන්නම් අපේ අධ්‍යාපනයේ දැනෙන වෙනසක් ඔහෙලට කරන්න බැරි බව . කරනවා නම් කල යුත්තේ තවත් එක් හොර ගුහාවක් වන වී විද්‍යාල වල දැනට ඇති බොහොමයක් පාඨමාලා අහෝසි කර යුගයට ගැලපෙන නව පාඨමාලා ඇතිකිරීම . විශේෂයෙන්ම කලා උපාධි වලින් 95%ක්ම මිට අයත්.ඇතැම් උපාධි පාඨමාලා පවත්වාගෙන යන්නේ අදාල ආචාර්ය වරුන්ට පැවතීම වෙනුවෙන්. අනික විශ්ව විද්‍යාල වලට බඳවාගැනීමේ ක්‍රමය විශේෂයෙන්ම උසස්පෙළ සිසුන්ට බලහත්කාරයෙන් මෙන් පනවා ඇති විෂය සංයෝජන වෙනස් කිරීම හා ඇගයීම් ක්‍රමය වෙනස් කිරීම . මීට අමතරව 5 වසර ශිෂ්‍යත්වය අහෝසි කිරීම . නමුත් මේ එකක්වත් කරන්න ටියුෂන් මාෆියාව ඉඩදෙන්නේ නැහැ .
අපේ පොඩි එකාට මම ජනාධිපති වුනොත් කියන මැයෙන් රචනාවක් ලියන්න කිව්වොත් ඌ ලියන්නෙත් මෙහෙම, ඌ මෙහෙම කරනවා කරන්න බලාපොරොත්තු වෙනවා කියල, මොකෝ ඌ අසරණ පුංචි එකෙක් ඌට කරන්න ඌ හීන මවන දේ කියන්න විතරයි. එත් අපේ ආණ්ඩුවේ මහා බලවත් ජනාධිපති අගමැති එහෙමත් කියන්නේ මේම කරනවා අරම කරනවා කියල. එත් කෝ මොනවද කරේ? අවුරුද්දකින් භාගයක් ගිහින් මොකක්ද ඇත්තටම කරේ