(යොහාන් භාසුර)
හදිසියේ විදේශ ගමන් බලපත්‍ර ගැනීම සඳහා පාසල් ක්‍රීඩා සංගම් ඇතුළු පාසල් බලධාරීන් පාසල් දරුවන් යොමු කිරීමෙන් එම දරුවන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැඩි අපහසුතාවට පත්වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
ක්‍රීඩා ඉසව් ඇතුළු විවිධ වැඩසටහන්වලට විදේශගතවීම සඳහා පාසල් දරුවන්ට පැය කීපයකින් විදේශ ගමන් බලපත්‍රය යොමු කරන ලෙස පාසල් බලධාරීන් නිර්දේශ කරන බවත් ඒ අනුව එම දරුවන් විදේශ ගමන්බලපත්‍ර ගැනීමට අවශ්‍ය මූලික ලිපි ලේඛණ පවා නොමැතිව බත්තරමුල්ල ආගමන විගමන පොර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට පැමිණෙන බවත් එම දෙපාර්තමේන්තුව කීය.
ඇතැම් දරුවන් කාර්යාල වේලාවෙන් පසුව ද එම කාර්යාලයට පැමිණ හඩාවැටෙන බව කියන එම දෙපාර්තමේන්තුව එම අවස්ථාවලදී නිලධාරීන් ද දැඩි සංවේදී වී අපහසුතාවට පත්වන බව ද සඳහන් කරයි.
බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ බලය විපක්ෂ කණ්ඩායම්වලට හිමි විය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘පාස්පෝට්’ හදිසියේ ඉල්ලා දැරවන් පීඩනයට දාන්න එපා
ළමයෙක් Friday, 07 February 2025 05:19 AM
ඔයාලා පැය 24 ම වැඩ නං කාර්යාල වෙලාවෙන් පසු කියන්නෙ කොයි වෙලාවෙද ?
දිමුත් Friday, 07 February 2025 09:34 AM
ඉස්කෝලවල ගොඩක් වැඩ ඔය වගේ තමයි. ඒගොල්ලො හිතං ඉන්නෙ අපේ ගෙවල්වල හැමදේම කොයිවෙලෙත් සුදානමින් තියෙනවා කියලා!