(දසුන් රාජපක්ෂ)
පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවෙන් පසු ඇතැම් බුද්ධි අංශ නිලධාරීන්ට ජනාධිපති සම්මාන පිරිනමා ඇති බව වැඩ තහනමකට ලක්ව සිටින, පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු ප්‍රධානී, හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පාස්කු ඉරුදින බෝම්බ මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් අද(16) පැවසීය.
එලෙස ජනාධිපති සම්මාන ලබාදීමට පදනම කුමක්දැයි තමන් නොදන්නා බවද ඒ මහතා සාක්ෂිදෙමින් සඳහන් කළේය.මෙම තොරතුරු තමන්ට තෙවැනි පාර්ශ්වයක් මාර්ගයෙන් දැනගැනීමට ලැබුණු බවද ඒ මහතා කියාසිටියේය.
නිල නොවන මට්ටමින් තමා වෙත ලැබුණු එම තොරතුරු පිළිබඳ පසුවිපරමක් සිදුනොකළ බවද නාලක ද සිල්වා මහතා පැවසීය.
මෙම ජනාධිපති කොමිසම අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත විශේෂ කාර්යාලයේදී අද(16) රැස්විය.
(ඡායාරූපය - චතුර එස් කොඩිකාර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා සෑහෙන කාලයක් මේ සම්බන්ධයෙන් දුක් වින්දා පෙණුනා. මෛත්‍රීපාල සිරිසේන හා ගෝඨාභය මහත්වරුන් සම්බන්ධයෙන් නාමල් කුමාරයෙකු කී දෙයක් ගැන රටේ මහා ආන්දෝලනයක් පැවතුණා. නාමල් කුමාර පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් ලෙස පත්වෙන කතාවක් ඇසුණා. එහෙත්, දැන් නාමල් කුමාර ගැන හෝ ඔහු කළ චෝදනා ගැන සිරිසේන මහතා හෝ වෙනත් කෙනෙක් හෝ කිසිවක් කරනු පෙනෙන්නේ නෑ.. කෝ මේ නාමල් කුමාර? ඔහුට මොකද උනේ?
ඔව්, තව තව සම්මාන හම්බවෙයි අගෝ 5න් පස්සේ. මෙහෙමත් කාලකන්නි පව්කාර පාලකයින් ඉන්න රටක්...
ඔය කාටකාටත් අවශ්‍ය ලෙස පාස්කු ප්‍රහාරය සිදුකළාට පසුව, ජනාධිපති සම්මානයෙන් පිදුම් ලබන එක අහන්නත් දෙයක්ද? කතෝලික ඡන්ද ටික කොල්ලකන මගඩිය අති සාර්ථක ලෙස සිදුවුණා.