
(අජන්ත කුමාර අගලකඩ)
පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරයෙන් ඇතිවූ ඛේදවාදකයට එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ප්‍රමුඛ රජය වගකිව යුතුයැයි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.
මෙම ප්‍රහාර වැළැක්වීමට රජය සහ එහි නිලධාරීන් අපොහොසත්වීම රටේ රාජ්‍ය පරිපාලනය සහ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ආයතන විසින් එතෙක් මෙතෙක් වාර්තා කරන ලද විශාලතම අත්වැරදීම යැයිද කොමිෂන් සභාව වාර්තාවේ සඳහන් කර තිබේ.
මෛත්‍රීපාල සිරිසේන මහතා 2019 අප්‍රේල් 16 සිට 21 දක්වා ඉන්දියාවට සහ සිංගප්පූරුවට යන අවස්ථාවේදී ආරක්ෂක ඇමැතිධුරය සඳහා කිසිදු වැඩබලන පත්වීමක් ලබානොදීම සහ ප්‍රහාරය පිළිබඳව දැනුවත් භාවයක් සහිතවම එය සිදු කිරීමෙන් චේතනාන්විතවම සහරාන්ගේ අයි.එස්. තර්ජනයට මගපෑදු බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් පැහැදිලි වන්නේ යැයි කොමිසම සඳහන් කර ඇත.
එබැවින් මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩු පැවරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවද කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.
හිටපු අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉස්ලාම් අන්තවාදය කෙරෙහි දැක්වූ ලිහිල් ප්‍රවේශය එවකට රජය ක්‍රියාශීලි පියවර ගැනීමට අපොහොසත්වීමට ප්‍රධාන හේතුවක් බවද කොමිෂන් සභාව පෙන්වා දී ඇත.
ඉස්ලාම් අන්තවාදය පාස්කු ඉරිදා ප්‍රහාරය දක්වා ඉස්ලාම් අන්තවාදය ගොඩනැගීමට එය පහසුකම් සපයන්නක් බවද කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර තිබේ.
මේ අතර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන මහත්වරුන්ට එරෙහිවද දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවද කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඒ වෙලාවේ හිටපු නීතිපති, උපනීතිපති සහරාන්ගේ ෆයිල් එකට උපදෙස් දුන්නේ නැති රජයේ නීතීඥ මාලික්, අසීස් සහ එයාගේ සුපවයිසින් ඔෆිසර්...
දැන් එතකොට සහරාන් ඇතුලු පිරිස වැරදිකරුවන් නොවෙයිද? ඒ අනුව 9-11 ප්‍රහාරයට වැරදිකරු ජෝර්ජ් බුෂ් මිස අල්කයිඩා සංවිධානය හෝ ඔසාමා බින් ලාඩන් නොවෙයිද?
මේ වැරදිකරුවන්ට ලැබෙන දඬුවම දෙස අප බලාසිටිමු. ඒ සඳහා තීන්දු තීරණ ගන්නා අදාල බලධාරීන්ගේ කෂේරුකාවන් කෙතරම් සවිමත්දැයි අපට දැක බලා ගත හැකිවනු ඇත.
සම්පූර්ණයෙන්ම එකඟයි. වැළැක්වූයේ නැති එකට දඬුවම් දෙන්න ඕනෑ.ඒත් අමතක කරන්න එපා. ප්‍රහාරය පිටිපස්සේ හිටපු අයවත් එල්ලන්න ඕනෑ. කාගේ නියෝගවලටද බෝම්බ ගැහුවේ කියලත් හොයන්න ඕනෑ.
දැන් එතකොට ඔය සමූල ඝාතනය සැලසුම් කරලා සහරාන්ලාට බෝම්බ බැඳගෙන ගිහින් පුපුරවාගන්න නියෝගය දුන්නේ හිටපු ජනාධිපතියි, හිටපු අගමැතියිද?
බුද්ධියෙන් හිතන්න, (දේශපාලනයක් නැත) ජනාධිපති, අගමැති, පොලිස්පති විතරක් අනෙකුත් රාජ්‍ය නිලධාරින්ද තම තමන්ගේ රාජකාරිය සහ වගකීම් නිසියාකාරව ඉටු නොකිරීම වැරැද්දක් විය යුතුයි. ඒක රටම පිළිගන්නවා මුස්ලිම් අන්තවාදීන්ගෙන් රටට වන හානිය ගැන උදේ, හවස සත්‍ය හඬක් නගපු "පොදුබල සේනා සංවිධානය" තහනම් කරන්නලු, එතකොට මේ පල්ලිවලට බෝම්බ ගහලා මිනිස්සු මැරුවේ ඒ හාමුදුරුවන්ද? එතකොට කෝ මේ සහාරන් කියන ත්‍රස්තවාදියාව පෝෂණය කරපු ඉල්හාම්ලා? කොමිසමේ උගත්තුන්ට එ් කට්ටියව අමතක වෙලාද? එතකොට සහරාන්ලාට මේ විනාශකාරි, වැඩිදියුණු කරපු බෝම්බ තොගය හදා දුන්නු අය... ඒ ගොල්ලෝ ගැන කොමිසම සද්ද නැහැනේ... එතකොට මේ බෝම්බ කාරයින්ව මේ පල්ලිවලට ගෙනත් බස්සපු, පල්ලි අවට ගෙවල් ගන්න සල්ලි වියදම් කරපු අය කවුරුත් වැරදිකාරයින් වෙලා නැහැනේ? කොටින්ම මේ මිනිස්සුන්ට මේ වගේ බිහිසුණු ඝාතකයෝ වෙන්න මග පාදපු අන්තවාදී ඉගැන්වීම් කරපු අර මද්‍රසා පාසල්, මුස්ලිම් ළමා නිවාස ගැන කොමිසමට පෙනිලම නැහැනේ... කොටින්ම ඝාතකයෝ බෝම්බෙන්ම මළා.. එ්ත් උදව් කරපු අයටනේ අච්චු කරන්න ඕනෑ. වගකීම පහර හැරීමත් වරදක් තමයි,එ්ත ඝාතනයට උදවු කරපු, මුල්‍ය අනුග්‍රහය දක්වපු අය මුලින්ම ඇතුළට යන්න...
ඕනෑ. අපි දන්නවා ජනාධිපති තුමාට මේ කොමිසමට බලපෑමක් කරන්න බැහැ. එතුමාට එහෙම කරන්න වුවමනාවකුත් නැතුව ඇති... එ්ත් රටේ සල්ලි මාස ගණනක් කකා මේ කොමිසමේ උගත්තු ටික නටලා තියෙන්නේ පිස්සුවක්නේ...
ආරක්ෂක ඇමැතිකම හරිහැටි කරන්න බැරි නම් සිරිසේන ඒක බාරගත්තේ කුමකටද? එහෙම නම් ඔය කියන පුද්ගලයෝ සියල්ලම අත්අංගුවට අරන් චෝදනා ගොනුකර උසාවියට ඉදිරිපත් කරන්න.
ඔව්, අනිවාර්යයෙන්ම මේ අයට දැඩි දඬුවම් ලබා දිය යුතුයි. මේ ප්‍රහාරය වළක්වා නොගත්තාට... ඉතින් පුලුවන් නම්, හිටපු ජනාධිපතිට හා අගමැතිට දඬුවම් දෙන්න. අන්න එදාට තමයි මේ ප්‍රහාරයට බෝම්බ තාක්ෂණය ලබාදුන් හා සියල්ල මෙහෙය වූ මහා මොළ කරුවන්ගේ නම් හෙලිවෙන්න. මේ අයගේ කටින්ම. අන්න ඒ නිසා සිරිසේන මහත්තයාට දඬුවම් ලැබෙන්නේ නැහැ... මේ ඉදිරි වසර කිහිපය ඇතුළත නම්...
අනිවාර්යයෙන්ම ඔවුන් තමයි වැරැදි. ඕක කමිෂන් පත්කරලා හොයන්න ඕනත් නැහැ. වෙන රටක නම් තමන් වැරැද්ද බාරඅරගෙන ඉල්ලා අස්වෙනවා. රටකට විතර නොවේ ව්‍යාපාරයකටත්, සමාගමකටත් මෙය පොදුයි.
අනාගතයේ දවසක රට ණය උගුලක හිර කිරීම, කොරෝනාව පාලනය කරගැනීමට නොහැකි වීම ආදියටත් වගකිව යුත්තන් සොයා බැලීමට කොමිෂන් පත් කෙරෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු.
එසේ නම්, මෛත්‍රිපාල හොර ආණ්ඩුවක් හදා පත්කළ රජය භා ඔහුගේ එම ක්‍රියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි සහ නීති විරෝධී බවත්, ඔහුද ව්‍යවස්ථාවට පටහැනි නීති විරෝධී ක්‍රියාවක් කළ බවත්, අධිකරණය තීන්දුකරා මතක ඇති නේද? ඇයි ඒ ගැන නොපෙනෙන්නේ...? මෛත්‍රිටත් මෙසේ වියයුතුමයි. අපට දේශපාලනයක් නැත. ඒත්, එදා තමන්ව බලයට ගේන්න උරදුන් අයට එරෙහිව පෙර සිටි හතුරන්ට නැවත බලයට එන්න පාර කැපුවා. ඒත්, තමාගේ යටි අරමුණු ඉටුනොවුණු නිසා, අයේමත් වෙනත් මාර්ගයක ගියා. ඒ නිසා උරණ වූ රජය නිසි අධිකරණ ක්‍රියාමාර්ග ගෙන, ඊට දඬුවම් කරනවා වෙනුවට තමන්ට අවශ්‍ය මේ කොමිසම් දැම්මා. මෙහි තවත් අරමුණක් තමයි. මෛත්‍රි හුදකලා කොට ශ්‍රී ලනිපයේ ඉතිරි ටිකත් තම පැත්තට නමා ගැනීම. ඒවා මොනවා වුණත්, කොමිසමේ සඳහන් නිර්දේශ හරහා චූදිතයින්ට එරෙහිව තීන්දු දෙන ලෙස මෙයින් රටේ පිළිගත් අධිකරණයට හා විනිසුරුතුමන්ලාට කිසියම් ව්‍යංග ලෙස බලපෑමක් සිදුකොට ඇතිබව පැහැදිලිව පෙනේ. ඒ නිසා මේ වාර්තාව රටේ නිදහස් අධිකරණයට හා ගරු විනිසුරුතුමන්ලාට, එතුමන්ලාගේ මතයට බලපෑම් ඇතිකොට ඇති බව පෙනේ. නඩුවක් පැවරීමට පෙර, අධිකරණයට හෝ විනිසුරුවරුන්ට මොනම හෝ බලපෑමක් හෝ නිර්දේශයක් ඉදිරිපත් කළ නොහැක්කේය...
කොහෙද හිටපු අගමැති වගකිව යුතුයි කියලා තියෙන්නේ...? බොරුවක් නේද? 2018 ඔක්තෝබර් දේශපාලන පෙරළියෙන් පස්සේ හිටපු අගමැතිට ආරක්ෂක කවුන්සිලයට යන්න ඉඩ දුන්නේ නැහැ නේද?
එතකොට ප්‍රහාරය මෙහෙයවපු අයට, ඒවාට අනුබල සහ පහසුකම් දුන්නු අයට දඬුවම් නැද්ද?
ඔය නිර්දේශවලට අමතරව අන්තවාදී සංවිධාන සියල්ලම තහනම් කළ යුතුයි. ඒ වගේම එවැනි ලියාපදිංචි පක්ෂ ද තහනම් කිරීම නව ව්‍යවස්ථාවකින් කළ යුතුයි.. අමිහිරි අතීත ක්‍රියා කාරකම් ඇති ඇතැම් අය, ඒවා වසා ගැනීමට දේශප්‍රේමීත්වය සහ ශාසනාලය අලෙවි කරමින් ජනතාව මුලා කරමින් සිටියි.
මේ කොමිසමේ වාර්තාවත් නිකම්ම නිකන් පුස්සක්. ඇත්ත තවම එළියට ආවේ නෑ. එ්ත් ඉදිරි කාලයේ එළියට එනවා. ඒවා ගැන එෆ්.බී.අයි., මොසාර්ඩ් සහ එම්. 5 වගේ ආයතන හොඳින් දන්නවා. නිකම් අපිට කොලේ වහලා වැඩක් නෑ...
ජනාධිපති සහ අගමැති වගකියන්න ඕනෑකියලා අපිටත් තේරෙනවා... නමුත් ප්‍රහාරය පිටුපස ඉන්න හස්තය කවුද? අපිට දැනගන්න ඕනෑ අන්න ඒක....
69 ලක්ෂයට දැන් සැපද? තවත් අවුරුදු 5ක් රාජපක්ෂවරුන්ට රට බාරදෙමු. ඉන්න හිටින්න රටක් තියෙනවනේ...
අපිට ඕනෑ දැනගන්න මේක පිටුපස හිටපු අය... ඒ ගැන කිසිම දෙයක් නැහැනේ රිපෝර්ට් එකේ... සහරාන් මේ තත්වයට පත්කළේ කොහොමද? කවුද? ඊට උදව් කළේ.. අනික මේ ගැන ඒ කාලේ හිටපු විපක්ෂයෙන් සාක්ෂි ගන්නවා.... අපි දැක්කේ නැහැ. මේ ප්‍රහාර ගැන රාජපක්ෂලා කළින් දන්නෙම නැද්ද?
ඔය වාර්තාව ඉදිරිපත් කලේ " අකුරු මකලා කොළ ගලවා " එහෙම නොවේ නේද? පාස්කු ප්‍රහාරය සිදුවීමෙන් පසුව 2019.04.22 දින මෙරටට පැමිණි ඇමෙරිකාවේ FBI සංවිධානය සහ වෙනත් ජාත්‍යන්තර විමර්ශකයන් ඒ අවස්ථාවේ මෙරටට පැමිණ සිදුකළ විමර්ශන වාර්තා ගැන මෙම ජනාධිපති කොමිෂන් සභාව විමර්ශනයට ලක් නොකළේ ඇයි? තවත් අන්තවාදී, ආගම්වාදී ගැටුම්ක් නිර්මාණය කරගැනීමට උත්සාහ දැරූ සිලෝන් තව්හීද් ජමාත් සංවිධානයේ (CTJ) මහලේකම් අබ්දුල් රාසික් සහ ආණ්ඩුවේ ඉහළම බලධාරීන් අතරත්, ඉන්දියාවට පැනගිය හෝ සැඟව සිටිතැයි සැකකරන 'පුලස්තීනි මහේන්ද්‍රන්' හෙවත් 'සාරා ජෙස්මින්' අතර තිබූ අන්තර් සබඳතා පිළිබඳව විමර්ශනයක් නොකෙරෙන්නේ මන්ද? 2012 වසරේ අබ්දුල් රාසික්ගේ නායකත්වයෙන් සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ (CTJ) ප්‍රධාන කාර්යාලය මාලිගාවත්තේදී විවෘත කලේ කාගේ ප්‍රධානත්වයෙන්ද? සාමාන්‍ය පෙළ සමත් කමිටුවෙන් වැඩේ කරගන්න බැරි වුණොත් ඊළඟට අටපාස් කමිටුවක් පත්කරන්න වෙයිද? කියලත් සමහරු අහනවා ඔන්න.
දැන් ඔය මහා ලොකුවට ලොරි ටෝක් දුන්නට කෝ එක මුස්ලිම් මිනිහෙකුගේ ඇඟට අත තිබ්බද? ඔච්චර 350ක් මැරිලත් කීයක් කතෝලිකයින් මැරුවද? තිත්ත ඇත්ත නම් මේ රටේ මුස්ලිම් මිනිස්සුන්ට අති විශාල බලයක් තියනවා. අන්න ඒක අවබෝධ කරගත්තු නිසා තමයි කාදිනල් තුමා කතෝලිකයින්ව මුස්ලිම් ප්‍රදේශවලට එන්න නොදී විශාල මනුෂ්‍ය ඝාතනයක් වළක්වා ගත්තේ. ඔය මොන කොමිසම් දැම්මත් මුස්ලිම් මිනිස්සුන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ.