(මනෝප්‍රිය ගුණසේකර)
කතෝලික දේවස්ථාන හා තරුපහේ හෝටල් ඉලක්ක කරගෙන ආගමික අන්තවාදීන් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 250 කට අධික පිරිසක් මරා දමා තවත් 500 කට අධික පිරිසකට බරපතළ තුවාල කළ බවට චෝදනා ලැබ සිටින මවුලවි වරුන් ඇතුළු විත්තිකරුවන් විසි පස් දෙනාට එරෙහි නඩුව ලබන වසරේ ජනවාරී මස 12 වැනිදා යළි කැඳවීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (23) නියම කළේය.
විත්තිකරුවන් 25 දෙනාගෙන් අධිචෝදනාපත්‍ර බාරනොදුන් නඩුවේ 15 වැනි විත්තිකරුට මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී අධිචෝදනා පත්‍ර බාරදුන්නේය.
අධිචෝදනා පත්‍රයේ ද්‍රවිඩ භාෂාවේ පිටපත් තමන්ට ලබාදෙන ලෙස විත්තිකරුවන් 25 දෙනාගෙන් 15 දෙනෙකුද ඉංග්‍රීසි භාෂාවේ පිටපතක් තමාට ලබාදෙන ලෙස එක් විත්තිකරුවකුද අධිකරණයෙන් ඉල්ලා සිටි අතර තමන් වෙනුවෙන් රජයේ වියදමින් ද්‍රවිඩ භාෂාව දන්නා නීතීඥවරු පත් කරන ලෙස
විත්තිකරුවන් 25 දෙනාගෙන් 12 දෙනෙකුම මීට පෙර අවස්ථාවකදී අධිකරණයෙන් කරුණු ලැබු ඉල්ලීම ඉටුකරලීම සඳහා කාලය ලබාදෙන්නැයි නීතීපතිවරයා සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය කළ ඉල්ලීම් පිළිගනිමින් විනිසුරු මඩුල්ල මෙම නඩුව කැඳවීම සඳහා දින ලබා දුන්නේය.
නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී දිවයිනේ විවිධ බන්ධනාගාර වල රඳවා සිටි විත්තිකරුවන් බන්ධනාගාර හා පොලිස් නිලධාරීන්ගේ විශේෂ ආරක්‍ෂාව මධ්‍යයේ අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කළ සිද්ධියක් වූ මෙයට අදාලව ගොනු කළ ගොනුකළ චෝදනා 23,270 කින් යුත් නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරන ලෙස නීතිපති සංජය රාජරත්නම් මහතා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගෙන් කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරන ලදී.
මෙම නඩුවේ විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදී අධිකරණ සංකීර්ණය ඉදිරිපිටින් වැටී ඇති අධිකරණ මාවත පොලිස් මාර්ග බාධක යොදා වසා දමා තිබු අතර අධිකරණ ඉදිරිපිට මාර්ගයේ හා අධිකරණ සංකීර්ණය තුළ ආයුධ සන්නද්ධ පොලිස් විශේෂ කාර්ය බළකා සෙබ`ථන් යොදවා දැඩි ආරක්‍ෂාව යොදා තිබිණි.
ප්‍රභූ ආරක්‍ෂක නිලධාරීන්ගේ දැඩි පරීක්‍ෂා කිරීම් වලින් අනතුරුව මෙම නඩුව විභාග කළ අධිකරණ ශාලාව සඳහා ඇතුල් කර ගන්නා ලද්දේ මාධ්‍යවේදීන් පමණී.
මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ,සභාපති, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහාධිකරණ විනිසුරුවරුන් ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ වියදමින් කියන්නේ සිංහල අපේ වියදමින්... අපි මොන බම්බුවකටද ත්‍රස්තයින්ට නීතිඥයෝ දෙන්නේ? කොහේ අමාරුවකටද?
මේ සිද්ධිය මිනිස්සුන්ට අමතක වෙනකන් නඩුව කල්යනු ඇත. සමහර විට නඩුව වැරදි ලෙස ගොනු කිරීමටත් ඉඩ ඇත. මියගිය අය නැවත ඉපදී තීන්දුව එනතුරු බලා සිටිනු ඇත.
සිරිල් ගාමිණී පියතුමාව ප්‍රශ්න කරන එක සාධාරණීකරණය කරන්න .අනේ නැහැ අපි ඒ නඩුව විසඳන්න තමයි මේ හදන්නේ.වගේ දර්ශනයක් දාන්න මේ නඩුව කතා කළා.දුර බැහැනේ .එතකොට මහ මොළ කරු එලියට් එනවනේ.ඉතින් කල් දානවා.මේවා අපිට නම් අලුත් දේවල් නෙමේ
වර්තමාන ලංකාව යනු ජීවත් වීමට සුදුසු රටක් නොවේ.යුද්ධය නිමකළ නමින් ආ රණවිරුවා බියගුල්ලෙකි.අලි සබ්රි ඉදිරියේත් ඥානසාර හාමුදුරුවන් පාවා දුන් ඔහු ජනාධිපති කමට තියා ලංකාවේ පුරවැසි කමවත් ලබාදීමට සුදුස්සකු නොවේ