(පුෂ්පකුමාර මල්ලවආරච්චි, හියුබට් ප්‍රනාන්දු සහ කොච්චිකඩේ විශේෂ වාර්තාකරු)
එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ජනාධිපතිවරණයේ පරාජයේ වියරුව වසාගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් පාස්කු ප්‍රහාරය සිදුවූවක් බවට හැඟවෙන නාට්‍යයක් රූගත කරන බවට තොරතුරු ලැබී ඇතැයිද, එවැනි පහත් දේශපාලනයක නොයෙදෙන ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා සිටින බවද පුත්තලම් දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර සනත් නිශාන්ත මහතා අද(29) පැවසීය.
සනත් නිශාන්ත මහතා මේ බව සඳහන් කළේ පොදුජන පෙරමුණ නියෝජනය කරන, කතෝලික මන්තී‍්‍රවරුන්ගේ සහභාගීත්වයෙන් අද (29) මීගමුව කොච්චිකඬේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ නිශාන්ත මහතා මෙසේද කීවේය.
“පරාජය පෙනී පෙනී ඉන්නා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා තමාගේ පරාජය වසා ගැනීම සඳහා පාස්කු ප්‍රහාරය සිදුකළේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් බව කියන්නට මේ දිනවල බත්තරමුල්ලේ නිවසක මුස්ලිම් ජාතිකයකුගේ සහභාගීත්වයෙන් නාට්‍යයක් රූගත කරන බවට අපිට තොරතුරු ලැබී තියෙනවා. මේ නාට්‍යය සමාජ මාධ්‍ය හරහා සමාජයට මුදා හැර ජනාධිපතිවරණයේ වැඩි වාසි ගන්න හදනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාට කතෝලික ජනතාවගේ ඡන්දය ලැබීම වළක්වන්න ඔවුන් කුපිත කරවන්න ගන්නා පියවරක්.
එසේ කතෝලික ජනතාව කුපිත කර ලබන 3 වැනිදා දිව්‍ය පූජාවෙන් පස්සේ පල්ලි අසළ උද්ඝෝෂණයක් කර ගෝඨාභය මහතා අත්අඩංගුවට ගන්න ඉල්ලීමක් කරන්නයි මේ අය හදන්නේ. මේ පාස්කු ප්‍රහාරයට ගෝඨාභය මහතා සම්බන්ධ නැති බව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් පැහැදිලි වෙනවා.
ජනතාව ගොනාට අන්දවන්න පුලූවන් කියා එක්සත්ජාතික පක්ෂය හිතනවා. පාස්කු ප්‍රහාරයට ගෝඨාභය සම්බන්ධ නම් මේ අයට කරන්න තියෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන එකයි. ගෝඨාභය පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නම් අත්අඩංගුවට ගන්න පුලූවන්.
අපේ මැතිවරණ ව්‍යාපාරය කඩාකප්පල් කරන්න කතෝලික ජනතාවගේ ලේ පාවිච්චි කරන්න හදන එක ගැන කනගාටුයි. මේ ප්‍රහාරයෙන් මගේ නෑයොත් මියගියා. ඒ දුක අපිටයි. පාස්කු ප්‍රහාරය දේශපාලනයට යොදා ගන්න එපා කියා අපේ අයගෙනුත් ඉල්ලනවා. මේ ප්‍රහාරයෙන් මැරුනේ ජීවිත පූජා කළේ අපේ මිනිස්සු. එක්සත් ජාතික පකෂයෙන් ඉල්ලන්නේ නීතිමය පියවර ගන්නා ලෙසයි” යැයි ඒ මහතා කීය.
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිමල් ලන්සා මහතා මෙසේ කීය.
“කතෝලික ජනතාවගෙන් 10කගේවත් ඡන්දය එක්සත් ජාතික පක්ෂයට නොලැබෙන බව සමීක්ෂණවලින් හෙළි වී තියෙනවා. පාස්කු ප්‍රහාරය ගැන මේ හදන මඩ වීඩියෝවට රුපියල් කෝටි අටක් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවා තියෙනවා. මේ ප්‍රහාරයේ වගකීම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගන්න ඕනෑ. මේ ත්‍රස්තයින් එක්ක සම්බන්ධකම් තියෙන්නේ එක්සත් ජාතික පකෂයටයි. සහරාන්ට කඬේ ගිය මුදල් දුන් කිසිවෙක් අපේ කඳවුරේ නැහැ. පල්ලි ඉස්සරහ නාඩගම් නටන්න එන අයට හොඳ පාඩමක් උගන්නවන්න කියා කතෝලික ජනතාවගෙන් ඉල්ලනවා” යැයිද කීය.
“ගෝඨාභයගේ ජයග්‍රහණය ආපසු හරවන්න හදන එක්සත් ජාතික පක්ෂයේ නින්දිත කුමන්ත්‍රණය එළියට ඇවිත් ඉවරයි. 2015 මහින්ද රාජපක්ෂ පරදවන්න කුමන්ත්‍රණ කළ පිරිස මෙහි පිටි පස්සේ ඉන්නවා” යැයි මෙහිදී පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.
අද ජනතාව පල්ලියට යන්න බිය වී සිටින බවත්, ඔවුන්ට සාධාරණය ඉටු වී නොමැති බවත්, රජය පරාජය වසා ගන්න නිර්ලජ්ජිත උත්සාහයක යෙදෙන බවත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
හිටපු නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න, හිටපු පළාත් සභා මන්තී‍්‍රවරුන් වන උපුල් රාජිත, රජිත හපුආරච්චි, ටේරවින් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එජාපයේ මඩ බලකාය සමාජ ජාලාවල සහ ඔවුන්ට හිතවාදී මාධ්‍ය තුළ ගෝඨාගේ ප්‍රතිපත්ති සමග ගැටෙනවා වෙනුවට පාස්කු ප්‍රහාරයෙන් පසු ආණ්ඩුව කෙරෙහි ද්වේශයකින් පසුවන සිංහල බෞද්ධ සහ කතෝලික ඡන්ද බිඳවීම පිණිස විවිධ වූ පහත් ක්‍රියාවල නිරත වීම බුද්ධිමත් ඡන්ද දායකයින් නොව නූගත් ඡන්ද දායකයින් ඉලක්ක කරමින් සිදු කරන්නකි. එමගින් එම නූගත් ඡන්ද පදනම ගෝඨාට හැර විකල්පයකට දෙන්නැයි ඔවුන් විසින්ම නිර්දේශ කරමින් සිටියි. කෙසේනමුත් ප්‍රඥාවෙන් කටයුතු නොකළොත් සිංහල ප්‍රජාවට මුහුදට පනින්න සුදානම් වන්න යයි අකමැත්තෙන් වුවද කිව යුතුමයි. ඒ මක්නිසාදයත් සජිත්, අනුර සහ මහේෂ් දිනවීම පිණිස රාජ්‍ය නොවන සංවිධාන බිලියන ගණන් මුදල් වැයකරමින් සිටින නිසාවෙනි.
සනත් නිශාන්ත, ලාන්සා නම් මරු දෙන්නා...
දැන් මෙයාලා කියන්නේ සහරාන් බෝම්බ පුපුරවපු නිසා ගෝඨා මහත්තයට වාසියක් වුණ එක නැති කරන්න යු එන් පී කාරයන් වලිකනවා - කියලා පුදුම පිස්සෝ ටිකක්නේ
ඕව ඉතින් කොට මොඩල් ළඟ පිකප් ඩයල් එකේ වැඩ තමයි
කට්ටියගේ මුණු දිහා බලපුවාම කියන්න පුලුවන් කවුද මේවාට සම්බන්ධ කියලා
ඔබලා මොකටද කලබල වෙන්නේ රටම දන්නවා මොකද වුණේ කියලා.
මේ ආණ්ඩුවට කඩේ යන හරක් ටික දෙනෙක් හිටියට සමස්තයක් විදියට මේ රටේ මිනිස්සු 2015 දී රැවටුනා වගේ ආයෙත් රැවටෙන්නේනම් නැත.
මොකෝ මේ කලබලේ මාධ්‍ය හමු තියන්නේ ?
"වරදක් කළත්, එම වරද කළවුන්ට ආධාර අනුබල ලබා දීමත්" යන දෙකම එක හා සමාන වරදවල්... සහරාන්ට උදව් කළත් එකයි, එයා කරපු අපරාධය වහලාදන්න වෙන කෙනෙක් පිට එම අපරාධය පටවන්න ගියත් එකයි. මොනවා වුණත් මේ බොරුව පුරන්න උත්සාහ දරන්නවුන්ට එ්ක අනතුරු ඇඟවීමක් කරන්නම්. ඔය කටුවපිටිය පල්ලියේ සාන්තුවරයා වන "සෙබස්තියන් මුනින්ද්‍රයා" ඉතාම බලවන්ත මුනිවරයෙක්. එතුමාගේ පිහිට පතන ප්‍රදේශයේ කතෝලික අය විතරක් නෙමෙයි බෞද්ධ භක්තිකයෝත් නිතරම දේව මන්දිරයට එනවා. එතුමා වේදනාවෙන් බලන් ඇති එයා වෙනුවෙන් නමදින්නට ආපු බැතිමතුන්ට එක තත්පරෙන් වූ මේ සිද්ධිය. එසේම එතුමා මේ පාපකර්මය කළවුන්ට සේම මෙම පාපකර්මය වෙන වුන් පිට පටවන්නට දඟලන අයවලුන්ට අනිවාර්යයෙන් දඬුවම් දෙනවා ස්ථිරයි.
මොනවා කිව්වත් මේ ඉන්න ඔක්කොමලගේ නායකයා නේද රාජ්‍ය නායකයා? ඉතින් ස්වයං විවේචනයක් කරනවා වගේ නේද?
මෙයාල කතෝලික නෙමෙයි. කතෝලික නම් ඔය විදියට හැසිරෙන්නේ නැහැ. කවුරුත් මා කියන දේ වරදවා වටහා නොගනීවී කියා මා හිතනවා. ආගම් බේදයකින් තොර මෙහෙම අය හැමතැනම ඉන්නවා. ඒ නිසා මේ අයව එතරම් ගණන් ගන්න ඕන නැහැ. කොහෙවත් කිසිම නාට්ටියක් ඇත්තේ නැහැ. ඔය රග දක්වලා තියෙන්නේ එයාලගේ නාට්ටිය තමයි. මේවට රැවටෙන්න එපා. මම කිසිම පක්ෂයකට කඩේ යන කෙනෙක් නම් නෙවෙයි. හැබැයි හොද කතෝලිකයෙක්. අනික් ආගම් සියල්ලටත් හොදින් ගරුකරන අපේ කාදිනල්තුමාගේ මග පෙන්වීම අනුව ජීවත් වෙන කෙනෙක්. ඔය ඔතන ඉන්නේ පට්ට හොරු රැලක් කියන එකත් කියන්නම ඕන. (හොරු සහ කුඩු) අපේ ආගමේ පක්ෂ පාට නැහැ. අපේ මිනිස්සුන්ව බෙදන්න හදන්න එපා. එක්කනෙක් කියනවා ගම්පහින් 10ක් වත් ලැබෙන්නේ නැහැ කියා. ඒ එයාට වෙන්න ඇති. එකයි හරියටම දන්නේ.
බලන්නකෝ සජිත් හෝ වෙනත් කෙනෙක් දින්නොත් මේ කට්ටියට ඔය කියන නායකයාගේ වැරදි පේන හැටි.. මේ එකම සෙට් එකනේ එහාටයි, මෙහාටයි මාරු වේවි අපිව කන්නේ... අනේ දෙයියනේ මෙවර රැවටෙන්න නම් එපා. දෙයියනේ කියලා අලුත් කෙනෙක් පත් කරගනිමු.. මේ ඇති හොඳටම. ඔය පාට පක්ෂ සලකුණ මාරු වුණාට ඉන්නේ අපිට එපාම වෙච්ච කාලකන්නි ටිකනේ... අනේ මේ අවස්ථාවේ වරද්ද ගන්න එපා කියලයි මම හැමෝගෙන්ම ඉතාමත් කරුණාවෙන් ඉල්ලන්නේ. මේ සෙට් දෙකට නැතුව අනික් ඕනෑම කෙනෙකුට දෙන්න ඔබේ වටිනා ඡන්දය මෙවර...
ඔබතුමාලානේ පාස්කු ප්‍රහාරය දේශපාලනීකරණය කරගෙන ඡන්ද ගොඩ වැඩිකරගන්න දඟලන්නේ... එ්කට ප්‍රතිචාර විදිහට මේවගේ නාට්‍ය හැදෙන එක නවත්වන්න පුළුවන් කමක් නැහැ... කාදිනල්තුමා රඟන නාට්‍යය බලන්නකෝ... එතකොට අපේ හිටපු ජනාධිපතිතුමා බෝම්බේ පිපුරුණු දවසේ කොච්චිකඩේ පල්ලියේදී දාපු රංගනය බලන්නකෝ... නිකන් යන්න මහත්වරුනේ යන්න.
ඔන්න බළලා මල්ලෙන් එලියට පැන්නා. දැන් ඇත්ත තොරතුරු ජනගත වේවි.