(ඩයනා උදයංගනී)
පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අදාළ අංශ විසින් විහිළුවක් ලෙස සිතීම නිසා රට තුළ එම ව්‍යසනය සිදුවූ බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
රටේ විය හැකි ව්‍යසනයක් පිළිබඳව වගකිවයුතු අංශයකින් තොරතුරක් ලැබුණු විට එය විහිළුවක් ලෙස සිතීම වරදක් බව ද අගරදගුරුතුමෝ සඳහන් කළහ.
පාස්කු ඉරිදා දිනයේ දී කතෝලික දේවස්ථාන ඇතුළු ස්ථාන කිහිපයක් ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට සිව් වතාවක්ම අදාළ අංශ වෙත තොරතුරු ලබාදුන් බව ඉන්දීය මහකොමසාරිස්වරයා එම ප්‍රහාරයෙන් පසු තමන්ට පැවසූ බව ද මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ කීහ.
වළක්වා ගත හැකිව තිබූ ප්‍රහාරයක් වන මෙය වළක්වා ගැනීමට නොහැකිවූයේ අදාළ අංශවලින් සිදුවූ බරපතල අතපසුවීමක් හා රටේ නායකත්වයේ දුර්වලකමක් හේතුවෙන් බවද අගරදගුරුතුමෝ කියා සිටියහ.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ මේ බව පැවසුවේ අපේ‍්‍රල් 21 දින සිදුවූ බෝම්බ ප්රහාරයන් සම්බන්ධයෙන් විමර්ශනය කර පරීක්ෂාකොට වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර ඇති පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව හමුවේ අද (6) පස්වරුවේ සාක්ෂි ලබාදෙමිනි.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊට පෙර කිසියම් හෝ තොරතුරක් තමන්ට ලැබුණේ නම් කෙසේ හෝ එයින් ජනතාව ආරක්ෂා කරගන්නා බව ද මෙහිදී කාදිනල්තුමෝ කීහ.
අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කොමිසන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු, විශ්‍රාමික අධිකරණ අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එම්.එම් අධිකාරී යන මහත්ම මහත්මීහු කටයුතු කරති.
අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ අයේෂා ජිනසේන මහත්මියගේ මෙහෙයවීමෙන් සාක්ෂි ලබාගැනීම සිදුකෙරිණි.
එහිදී කාදිනල්තුමන් වැඩිදුරටත් පැවසුවේ පාස්කු ඉරිදා දින සිදුවූ ප්‍රහාරයෙන් විපතට පත් ජනතාව සම්බන්ධයෙන් රජයේ තවදුරටත් සොයාබැලිය යුතු බවයි.
පසුගිය රජය ඔවුන් වෙනුවෙන් වන්දියක් පමණක් ලබාදී අතසෝදාගැනීමක් කළ බව කී අගරදගුරුතුමෝ එයින් සෑහීමකට පත්විය නොහැකි බව ද සඳහන් කළහ.
එමෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ෂණ ඇතැම් අංශයන්ගෙන් නිසිපරිදි ඉටුනොවන බව තමන්ට සිතෙන්නේ යැයිද මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කියා සිටියහ.
පළමුව කළ යුත්තේ මෙම සිද්ධිය පසුපස සිටින්නේ කවුරුන්ද, මෙසේ කිරීමට හේතුව කුමක්ද යන්න සොයාබැලීම බව කී අගරදගුරුතුමෝ ප්‍රහාරයට පෙර ලැබුණු තොරතුර අදාළ අංශවලට ලබානොදීමේ වරදට දඬුවම් දිය යුත්තේ දෙවනුව බව ද කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොරතුරු දුන්නේ ඉන්දියාව නිසා ගණන් ගත්තේ නැහැ. ඒත් ඇමෙරිකව දුන්නනම් සතුටින් බාර ගනී.
සමහරු හිතන්නේ පාස්කු ප්‍රහාරයත් විහිළුවක් කියලා...
අවසානයේ කාදිනල්තුමාට ඇහුන්කන්දීලා හරි තීරණයක් ගත්තේ මීගමුවේ කතෝලිකයෝ නොව රටේ බෞද්ධයන් පමණයි.
පාස්කු ප්‍රහාර වින්දිතයින්ට පමණක් නොව කුරීරු ත්‍රස්තවාදයෙන් ජීවිත අහිමි හා අාබාධිත සියලු ජනතාවට මෙම සැලකිල්ල හා අනුග්‍රහය සැලසීම කළයුතුයි..
නීතිය, ධර්මය, සාධාරණය මියගිය සියලුම දෙනාට ඉෂ්ඨ වේවා..!!!
කවුරුත් වුණු දේ ගැන කියව කියවා ඉන්නවා මිසක් අවශ්‍ය මූලිකම දේ හොයන්නේ නෑ. රජයේ බුද්ධි අංශ සොයාබැලිය යුතුයි. ඇයි එවැනි ප්‍රහාරයක් අන්තවාදීන් කණ්ඩායමක් කරේ කියන එක, ඇයි නායකයා යැයි කියාගන්න පුද්ගලයාත් මැරුනේ කියලා.. සාමාන්‍යයෙන් නායකයා කියාගන්න කෙනා මැරෙන්නේ නෑනේ. මොකද එල්ටීටීඊ ප්‍රශ්නයත් සැහැල්ලුවෙන් හිතපු නිසා තමයි අවුරුදු තිහක් වෙනකන් ඇදිඇදී ගියේ... මේවත් හොයලා ආයේ ඒවගේ නොවෙන්න විසඳුමක් දෙන්න ඕනෑ. අනික කිසිම ආගමක කැඩී වෙන්වී ගිය කොටස්වලට හෝ පුද්ගලයින්ට ආගමික ස්ථාන ආරම්භ කිරීම හෝ දේශනා කිරීම නීතියෙන් තහනම් කරන්න ඕනෑ. ඔවුන් තමයි මේ අනවශ්‍ය දේවලට... එ්ක මූලික ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. හතර පස් දෙනෙක් එකතු වෙනවා නිකායක් පටන් ගන්නවා. ඔවුන්ටත් ආගම ගැන අවබෝධයක් නෑ. නිකන්ම අන්තවාදීන් දේවල් රටේම වපුරනවා. මෙයට ඇත්තටම සියලුම ආගම්වල පිළිගත් නිකායන් එකතුවෙලා කටයුතු කරන්න ඕනෑ..
[පසුගිය රජය ඔවුන් වෙනුවෙන් වන්දියක් පමණක් ලබාදී අතසෝදාගැනීමක්].... කළත්, ඊට පෙර පැවති රජය කාලයේදී, රතුපස්වල බොන්නට ජලය ඉල්ලූ අසරණයින්ට වෙඩි තබා ඝාතනය කළාට පසුව ඒ අයගේ පවුල් වල අයට "අත් සෝදාගන්නවත් ජලයවත්, වන්දියක්වත්" ලැබුණාද? ඒ වගේම හමුදා තුවක්කු පත්තු වී රාජපක්ෂ පාලන කාලය තුල පරලොව ගිය සාමාන්‍ය ජනතාව වෙනුවෙන් රජය වන්දි දුන්නද? යහපාලන රජය මරුණු අයට වන්දි දුන්න එක නරකද? මෙවැනි ත්‍රස්ත ප්‍රහාර දේශපාලනීකරරණය කරගැනීම දේශපාලුවන්ට බාර කිරීම වඩා සුදුසුය..!!!
පාස්කු ප්‍රහාරය ගැන ආ තොරතුරු විහිළුවක් ලෙස සිතුවේ එක්තරා නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සහ රටේ ඉහළම තැන හොබවපු දේශපාලකයෙකි.
මත් වුවදුර මැඩලීම හොඳ දෙයක් වුවත්, එය පුද්ගලික දේශපාලන ප්‍රතිරූපය ගොඩ දා ගැනීමට යොදාගෙන, රාජ්‍ය ආරක්ෂාව නොතකා සිටීම, මෙන්ම මෙවැනි දෙයක් සිදුවූවත් පහසුවෙන් ප්‍රතිවාදී අයෙකුගේ කරපිටින් යවා එමගිනුත් වාසි ගැනීමට සිතා සිටීම, මෙයට හේතුව විය හැකිය..
දේශපාලුවෝ හැසිරෙන්නෙත් හරියට කවටයො, විකටයෝ වගේ. ඒ නිසා පාස්කු ප්‍රහාරයත් ගානක් නැතුව ඇති.
කාදිනල්තුමා හොඳම යෝජනාවක් ගෙනත් තියෙනවා සියලුම පාසල්වල හැම ආගමක්ම උගන්වන්න ඕනෑමයි කියලා. නමුත් ඒ අයම තමයි කතෝලික සහ ක්‍රිස්තියානි පාසල්වලට බුද්ධාගමේ හෝ මුස්ලිම් ළමයි ඇතුල්කිරීම සම්පුර්ණයෙන්ම පාලනය කරන්නේ. අන්න ඒවා වෙනස්කරලා ඇවිත් ජනතාවට දේශනා කරන්න.