
(යොහාන් භාසුර)
ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කර ‘පාස්කු ප්‍රහාර’ විමර්ශන පිළිබඳව දුන් පොරොන්දුව ඉටුවී නොමැති වීම සහ ඒ සඳහා මූලික වැඩපිළිබවෙළක් හෝ ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකිරීමෙන් සසළ වී සිටින බව මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමෝ ඊයේ (12) පස්වරුවේ පැවසූහ.
මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමෝ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ 191 වැනි වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් ඊයේ (12) පස්වරුවේ පැවැති දේවමෙහෙයේදී එසේ පැවසූහ.
පසුගිය මැතිවරණ සමයේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වර්තමාන රජය දුන් පොරොන්දුව වන ‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාර’ පිළිබඳව වොහාරිකව පවත්වන විමර්ෂණවලට මගපෙන්වීමට සහ උදව්වීමට මෙන්ම ප්‍රහාරය සම්බන්ධ නඩු කටයුතු පත්වාගෙන යෑමට බලතල ඇති විශේෂ අභිශෝදවරයෙක් සහ කාර්යාලයක් ස්ථාපිත කිරීම මේ දක්වා ඉටුකර නොමැති බව කණාගාටුවෙන් වුවද ප්‍රකාශ කළයුතු බවත් උන්වහන්සේ කීහ.
ඇතැම් දේශපාලන නායකයන්ට බැළමෙහෙවර කිරීමට ඇති ආශාව මත හැසිරෙන මෙවැනි දෙපාර්තමේන්තු සහ රජයේ උසස් යැයි කියාගන්නා නිලධාරීන් හැසිරෙන ආකාරය හෙළාදකින බව ද අගරදගුරුතුමෝ පැවසුහ.
එම මහා ව්‍යවසනය පිළිබඳව කළින් දැන සිටිය ද එය වැළැක්වීමට නිල බලයෙන් වගකීමක් තිබියදී කිසිවක් නොකළ හිටපු ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් සහ පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශවල උසස් නිලධාරීන් ගැන ජනාධිපති කොමිෂන් වාර්තාවෙන් නිර්දේශ කර ඇති පරිදි නීතිපතිවරු සහ එම දෙපාර්තමේන්තුව මේ දක්වා කිසිඳු නීත්‍යානුකූල හෝ විනයානුකූල පියවරක් ගෙන නොමැති යැයි බළවත්ම කණගාටුවෙන් සඳහන් කරන බවත් තමන් ඇතුළු පිරිස පවරූ නඩු කීපයක් තුළින් වින්දිතයන්ට අදාල පුද්ගලයන්ගෙන් දඩ මුදල් අයකරගැනීමට හැකිවූවා මිස එතෙක් කල් නීතිපති දෙපාර්තමේන්තුව කිසිවක් නොකිරීම ලැජ්ජාසහගත බවත් අගරදගුරුතුමෝ කීහ.
ජනාධිපති කොමිසන් සභා වාර්තාවේ පළමු වෙළුවේ ඇති 200 කට වඩා නිර්දේශ කිසිවක් ක්‍රියාවට නැංවීමට කිසිඳු දේශපාලන නායකයෙක් හෝ පක්‍ෂයක් මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති අතර ඒ පිළිබඳව කිසි යාන්ත්‍රණයක් හෝ ආරම්භ කරනොමැතිවීම යතාර්ථය බවට පත්ව ඇති බවත් යුක්තිය පසදාලීම සඳහා නීතිපති දෙපරේතමේන්තුවට යෝජනා කර ඇති ක්‍රියාදාමයන් කිසිවක් මේ දක්වා ක්‍රියාවට නංවා නොමැති බවත් උන්වහන්සේ සඳහන් කළහ.
එම මහා ඛේදවාචකය පිළිබඳව ගොඩක් ප්‍රශ්න ඇති අතර එම ප්‍රහාර පිටුපස ක්‍රියාත්මක වූ කණ්ඩායම පිළිබඳව සොයාගැනීමට තවමත් නොහැකි වී ඇති බව කී මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමෝ ආවට ගියාවට ඕනවට එපාවට ඒ වඩේ කරනවා නම් එය එම ප්‍රහාරයෙන් ඝාතනයට ලක්වූ මිනිසුන්ගේ ජීවිතවලට කරන අගෞරවයක් බව ද සඳහන් කළහ.
කොච්චිකඩේ දේවස්ථානය පිළිබඳව කථා කරන විට මීට වසර 6 කට පෙර එල්ල වූ එම භායානක ප්‍රහාර පිළිබඳව අනිවාර්යෙන්ම කතා කිරීමට සිදුවන බවත් ඒ පිළිබඳව කොතරම් කථා කළ ද එම කතන්දර ඉවර නොවන බවක් පෙණෙන බවත් අගරදගුරුතුමෝ වැඩි දුරටත් පැවසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම කණගාටුයි, දුකයි...!
එන්න එන්න පෝලිමේ එන්න. ඩෝබිලා ඇවිල්ලා කාදිනල්ට බණින්න. ආනන්ද එන්න, කුකුල් එන්න. සෙනවි එන්න, පිටරටින් එන්න... ගමේ එකාලත් එන්න...
ඔබවහන්සේලාට අවශ්‍ය වූ පමණින් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හෝ නීතියේ රැහැනට කොටු කර ගැනීමට නොහැකිය. ඊට පිළිගත හැකි සාක්‍ෂි අවශ්‍යය. ඒ අනුව ඔබවහන්සේ සැනසීමට මෙරට තබා වෙනත් රටක වත් ආණ්ඩුවලට නොහැකිය. මේ ආණ්ඩුවත් බලය ලබා ගැනීම සඳහා මහමොළකරු සෙවීමේ ඔබේ බොළඳ වෑයමට උඩ ගෙඩි දුන්නාට බලය ලබා ගත් පසු තේරෙන්න ඇති එහෙම කෙනෙක් නැහැයි කියා. ඇමරිකානු එෆ්බීඅයි වාර්තාවෙනුත් කියන්නෙ ඒකනේ. එම නිසා තව දුරටත් කිතුණු භක්තිකයින් ඇන්දවීමට කටයුතු නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
කාදිනල්තුමනි, මේ ලංකාවේ එවුන්ව නම්, තඹේකට විශ්වාස කරන්න පුළුවන් එවුන් නොවෙයි... පාස්කු ප්‍රහාරය ගැන මුලින් දාපු සද්දේ දැන් නැතිවෙලා කියලා තමයි මටත් කියන්න තියෙන්නේ... මේ ප්‍රහාරයට වගකිව යුතු උසස් නිලධාරීන් තවමත් ඒ නිලතල වල කටයුතු කරනවා... ඒ ගැන කතා කරන්න බල්ලෙක් වත් නැහැ... සමහරවිට පාස්කු ප්‍රහාරයට හසුවූයේ මොවුන්ගේ අය නොවන බව ලෙස හිතනවාද දන්නේ නැහැ... පාස්කු ප්‍රහාරය සිදුකළ මහමොල කරුවන්ට පමණක් නොවෙයි මේ ප්‍රහාරය විකුණාගෙන කන එවුන්ටත් ඒ ලේ වල ශාපයෙන් ගැලවීමක් නැහැ කවදාවත්... බලමු මොකද ඉදිරියේදී වෙන්නේ කියලා...?
ඇයි අනේ තේරුම් ගන්නකෝ. මහමොලකරු අපේ ජාතික ලැයිස්තුවේ කෙනෙක් කියලා කටක් ඇරලා කොහොම කියන්නද? ඡන්ද කාලේ කියපුවා සීරියස් ගන්න එපා අනේ...
ඡන්දය දුන්නු අපිටත් එහෙම හිතෙන එක පුදුමයක් නෙමේ! ආපසු මෙයාලාට බලයට එන්න අපි ඡන්දය නොදෙමු.
සම්පුර්ණ ඇත්ත. අනුර ජනාධිපතිට අමතකයි වගේ...
ඔබවහන්සේ දැනගත යුතු දෙය නම් කිසිදාක දේශපාලකයන්ගෙන් යමක් නොඉල්ලිය යුතුබව. මොකද බලයට පත්වුණාට පස්සේ ඔය දේශපාලකයින්ට අමතක වෙනවා. තමන් දුන් පොරොන්දු. එක ඉතිහාසය පුරාම වුණු දෙයක්. ඔබවහන්සේ ප්‍රකාශකර ඇති පරිදිම වන්දියක් හෝ අයකරගත්තේ සිවිල් මැදිහත්වීමකින්, ඒ නිසා ඉදිරියටත් ඒ ආකාරයෙන් කටයුතු කරනවා ඇරෙන්න කළහැකි දෙයක් නැහැ...
මේ ආණ්ඩුවටවත් රට කරන්න දීලා ඔයා වදයක් වෙන්නේ නැතුව ඉන්නවාද සීයේ. අන්තවාදී ඉස්ලාමය ලෝකෙටම වදයක් වෙලා තියෙන එක පේන්නේ නැත්තේ වයසේ වැරැද්දක්ද ඔයාගේ... ඔහේ ඉල්ලන මඟුල් කරන්න ගියොත් මුස්ලිම් අන්තවාදීන්ට රජ මඟුල් වෙනවා...
පාප් වහන්සේත් යුදෙව්වෙක් නේද?
තමුන්නාන්සේට හොඳම වැඩේ වුනේ. ඒ දවස්වල මල්ලක් නෙවෙයි, ගෝනියක් අරගෙනනේ මාලිමාවට කඩේ ගියේ.... මොවුන්ගේ බේගල් වලට රැවටෙන්න තරම් තමුන්නාන්සේගේ බුද්ධියත් හීන වීම ගැන දුකයි. ලංකාවේ ආර්ථිකය ඵලදායි ගමනක් යන්න පටන්ගත්තු හැමදාම ඊට බකට් එක ඇදුනේ කොහොමද කියලා සිහිබුද්ධියෙන් කල්පනා කළා නම් තමුන්නාන්සේට අද ඔය තත්වේ උදාවෙන්නේ නැහැ. තව වසරක් දෙකක් යනකොට ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගන්න තත්වෙට තමුන්නාන්සේ පත්වෙනවා සත්තයි...
ජෙප්පෝ ඒ දවස්වල මහ මොලකරු කිය කියා බොරුවට නැටුවේ ඔයාලගේ ඡන්ද ටික ගන්න මිසක් වෙන දේකට නොවේ. ඔයාටත් අනේ මන්දා... තේරෙන්නේ නැද්ද ඕක සහරාන්ලා මරාගෙන මැරුණු වැඩක්... දැන් ඉතින් ඔයාව තමයි දෙන්න වෙන්නේ. මහ මොලකරු කියලා අහිංසක මිනිසුන්ගේ ඡන්ද ටික ජෙප්පන්ට අරන් දීපු...
සිංහල නායකයින්ට පහර ගැසීමට යොදා ගන්නා බලල් අතක්. LTTE කාලේ කතෝලික සභාව හිටියේ කා සමගද බව වැසියෝ දනිති. පාස්කු ප්‍රහාරය සම්බන්ධ සියලු දෙනාට දඬුවම් කළ යුතුයි. මේක පාවිච්වි කරලා සිංහල බෞද්ධ නායකයින්ට පහරදීම නවත්වනු...
ඔය පොරොන්දුව පමණක් නොව, රටේ අහිංසක ජනතාවට විදුලි බිල, ඉන්ධන මිල අඩු කරමින් දෙනවා කිව්ව එකම පොරොන්දුවක් වත් ඉටු කරලා නැහැනේ. මේ රටේ බලය ගන්න ඕනම බොරුවක් කියන එක කලාවක් වෙලා...
දැන් තේරෙනවද ගරු කාදිනල්තුමනි, ලොකු බොරුකාරයෙක්ට අහු වුණා කියලා. දුක්නොවන්න, ඔබ වහන්සේ පමණක් නොව හැට ලක්ෂයක් දෙනා රැවටී ඇත...
කිසිම ආණ්ඩුවකට එළි කරන්න දෙයක් නැහැ! ISIS ප්‍රහාරයක්! හැබැයි මේ ප්‍රහාරය වළක්වා ගන්න තිබුණා! මෙහි මහමොලකරුවන් ඉස්ලාම් අන්තවාදීන්! FBI investigation report බලන්න! කාදිනල් වහන්සේව බොරු කිය කියා ළඟම ඉන්න අය මුලා කරලා තියෙන්නේ...! ලංකාවේ හැම දෙයක් ගැනම තියෙන්නේ බොරු මිත්‍යාවක්! ඒකයි අපි 74 අවුරුද්දක් ගිහිල්ලා බංකොලොත්වුනේ! අවාසනාවකට ඔබ වහන්සේ රැවටිලා විශ්වාස කලා මේ බොරු!
ඊළඟ ඡන්දෙටත් ඕක විකුණන්න බලන්න.
කතාව ඇත්ත...
සර්වබලධාරී දෙවියන් වහන්සේව ප්‍රශ්න නොකරන්නේ මන්ද? දෙවියන්ගේ ගෙදරට ඇවිල්ලා නෑනලා පත්තු කරලා යනකන් දෙවියෝ නිවාඩු ගිහිල්ලද හිටියේ? නිකමට හරි මේ ප්‍රහාරය වැළැක්වුණේ නම් අම්මට සිරි, අද දෙවියෝ තමයි පොර. ලැජ්ජයි...
අපි නම් දැනගෙන හිටියා මුළු රටම කයිතාන්ලා ඇන්දුවා කියලා. කමක් නැහැ ඒත් අපි මාලිමාවට.
බලලෝබි, බඩගෝස්තරවාදි දූෂිත පවුල් පාලනේ අය බලයට එන්ඩ ගහපු ගේමක් කියලා ලෝකෙම දන්නවා. හිටපු දූශිත නායකයෝ එකෙක්වත් මේ ආණ්ඩුව බලයට පත් වෙනකම් කරපු දෙයක් නැහැ. වත්මන් ආණ්ඩුව බලයට පත් වුණාට පසුව තමා පාස්කු ප්‍රහාරය ගැන විමර්ෂන පටන් ගත්තේ..? ගහෙන් ගෙඩි එන්නා වගේ කටයුතු කරන්ඩ බැරි බව පැහැදිලියි...
අප රටේ බලය ගන්න දෙන පොරොන්දු විස්වාස කරන්න බැරි බව නේද නැවතත් සනාථ වුණේ.. අන්තිමට දේශපාලනයෙන් පාර්ලිමේන්තු යන සෙට් එක ගොඩ යනවා. ගැටළු නැවත ඊළඟ ඡන්ද පොරොන්දු වෙනවා.
ළං වුණාම කපුරු හාමි වුණත් එහෙමයි.
තවම මේ රජය බලයට පත්වෙලා ගත වුනේ මාස 6-7 ක් විතරයි. මේ රටේ තිබෙන "එකම" සහ "ලොකුම" ප්‍රශ්ණය පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් සෙවීම නොවන බව ඔබ වහන්සේ තේරුම් ගන්න. ආප්ප බාන්න වගේ ප්‍රශ්න විසඳන්න බැහැ. ඒකට සාධාරණ කාලයක් දෙන්න. සමහරවිට තව අවුරුදු කීපයක් යාවි. වෙන ජනාධිපති කෙනෙක් යටතේ පත් කරපු ජනාධිපති කොමිෂන් වාර්තා ක්‍රියාත්මක කරන්න කියලා, ඔබ වහන්සේ කරණ ඉල්ලීම සාධාරණ නැහැ. හිටපු ජනාධිපතිවරු පත් කරපු "කොමිෂන්, කමිටු" ගැන අපිත් හොඳට දන්නවා. ඒ නිසා එක්කෝ ඔබ වහන්සේ ජනාධිපති වෙන්න. නැත්නම් ටිකක් ඉවසාගෙන ඉන්න. කියපු දේවල් ක්‍රියාත්මක කරනවාද කියලා අපිත් බලාගෙන තමයි ඉන්නේ. 2029 වෙනකල් එයාලාට කාලය තියෙනවා.
කපුරු හාමි, විපරමා කියන්නේ දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් හොඳේ...!