(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාස්කු මිනී මැරුමේ පරීක්‍ෂණ  පිළිබඳව විවිධ වැරදි මත ගොඩ නගන්න හදන්නේ ඝාතනයට ඔත්තු බැලූ උදවිය බව ප්‍රවාහන මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

"පාස්කු ප්‍රහාරය රාජපක්ෂලාගේ දේශපාලන උවමනාවට සැලසුම් කළ බව දේශපාලන විඤ්ඤාණයක් තිබෙන ඕනෑ කෙනෙකුට ඒ මොහොතේ අමුතුවෙන් පරීක්ෂණ කර ඔප්පු කරන්න දෙයක් තිබුණේ නැහැ. නමුත් අපරාධ කරුණකදී විද්‍යාත්මක සාක්ෂි මත සැකයෙන් තොරව ඔප්පු කරන්න ඕන.තමන්ට මැතිවරණයක් දිනන්න හෝ දේශපාලන බලය පවත්වා ගැනීම සඳහා මුළු මහත් රටක තත්ත්වය වෙනස් කරන්න මෙවැනි යුදමය කුමන්ත්‍රණ පාවිච්චි කර තිබෙන්නේ ලංකාවේ පමණක් නොවේ.

එවැනි අතීත උදාහරණයක් ඉතාලියේ,ජර්මනියේ ආදී රටවල තිබෙනවා. ඒක නිසා මෙය ගෝඨාභයලා ශලේ ලා හොයා ගත්ත දෙයක්ම නොවේ යනුවෙන්ද අමාත්‍යවරයා කීය.