(අංජුල මහික වීරරත්න)
පාස්කු ප්‍රහාරය ගැන කෙරෙන පරීක්ෂණය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් තිබෙන බව පෙනෙන්නට ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (25)පැවසීය.
ප්‍රහාරයට හමුදා බුද්ධි අංශයේ සම්බන්ධයක් තිබුන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර කළ ප්‍රකාශය ද සලකා බලන විට පෙනෙන්නේ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා සෑම දෙනාටම පිළිගත හැකි අපක්ෂපාතී කණ්ඩායමක් අවශ්‍ය බව යැයි ද හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
"අවසානයේ ශානි අබේසේකර ගේ දිවුරුම් ප්‍රකාශය තිබෙනවා.මේ ප්‍රහාරයට හමුදා බුද්ධි අංශයේ සම්බන්ධයක් තිබුන බව ශානි අබේසේකර පවසනවා.මෙය 2019 වසරේ නොවැම්බර් මාසයට පෙරත් ශානි අබේසේකර සඳහන් කර තිබෙනවා.මේ කරුණු සියල්ලම සලකා බැලූ බැලූ විට පෙනෙන්නේ මේ පරීක්ෂණය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් තිබෙන බවයි.මේ නිලධාරීන් අත්අඩංගුවට ගන්නෙ ඇයි?මොවුන්ට විරුද්ධව නඩු පවරන්නේ ඇයි?මේ හෙළි කරන කාරණා ගැන පරීක්ෂණයක් කරන්නෙ නැද්ද?මේ අවස්ථාවේදී සියලුම දෙනා එක්වී අපක්ෂපාතී තීරණයක් ගත යුතුව තිබෙනවා.මේ ඇතිවී තිබෙන අලුත් කරුණු ගැන වාර්තා කිරීමට සෑම දෙනාටම පිළිගත හැකි අපක්ෂපාතී කණ්ඩායමක් අවශ්‍යයි.යනුවෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පාස්කු පරීක්ෂණ ගැන ප්‍රශ්නයක් තිබෙනවා
Hemantha Friday, 25 February 2022 03:07 PM
ඇඳුම් ඇඳගෙනද ඉන්නේ...?
hira Friday, 25 February 2022 04:07 PM
මෙයා බුදියන් ඉඳලා දැන් ඇහැරිලාද කොහේද?
සලීම් Friday, 25 February 2022 05:23 PM
UNPය පොළවට සමතලා කරලා කොහොමත් ඇඳුම් නැතිව ඉන්නේ. හොරුන්ට ආණ්ඩු ගන්න මේ අය තමයි තනිකරම මේ රට පාවා දුන්නේ...
BamunuarachchiFriday, 25 February 2022 08:38 PM
අපේ ගම්මිරිස් කර්මාන්තය උලා කාපු පට්ට හොරු, හරක් මස කඩ කාරයෝ යහපාලක ආණ්ඩුවේ හිටියා කියලා මේ ගොයියාට අමතකයි වගේ...
chandima Friday, 25 February 2022 09:57 PM
පිස්සු කරන්න ගිහින් ඔය තියන ආසනෙත් නැතිකරගන්න එපා...