IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයේ’ ප්‍රධාන සැමරුම කොච්චිකඩේදී

(යොහාන් භාසුර)

කතෝලික සහ ක්‍රිස්තියානි දේවස්ථානවල අහිංසක බැතිමතුන් ඉලක්කර කරමින් 2019 වසරේ සිදුකළ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ 6 වැනි සැමරුම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් අද (21) දිනයේ ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පැවසීය.

කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරෙන් පෙරවරු 7.00 ට ඇරඹෙන යැදුම් පාගමන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානය වෙත ගමන් කරයි.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයේදී මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා, සර්ව ආගමික නායකයින්, තානාපතිවරු සහ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ගේ සහභාගීත්වයෙන් පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැමරුම පෙරවරු 8.30 සිට පෙරවරු 10.30 දක්වා පැවැත්වේ.

එම සැමරුමට සමගාමීව පෙරවරු 8.45 ට සියලු ආගමික ස්ථානවල සීනු නාද කිරීම සහ මිනිත්තු 2 ක නිශ්ශබ්ධතාවය රැකීමට නියමිතය.

මීගමුව කටුවපිටිය සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයේදී මැක්ස්වෙල් සිල්වා සහ ජේ. ඩී. ඇන්තනි යන හිමිපාණන්ලාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 8.15 සිට දේවමෙහෙය පැවැත්වේ.

 



අදහස් (5)

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයේ’ ප්‍රධාන සැමරුම කොච්චිකඩේදී

ජගත් ලියනගේ Monday, 21 April 2025 09:09 AM

පාස්කු ප්‍ර්‍රහාරයෙ වින්දතයන්නට, මේ රජය යටතේ වත් සාධාරණයක් ඉටුවෙවි කියා, අපි බලාපොරොත්තු තියගෙන ඉන්නේ .

:       14       0

Y dis Colawari Monday, 21 April 2025 09:11 AM

පාස්කු ප්‍රහාරේ හෙන ඉල්ලමක් වුනා පල්ලියේ පූජකවරුන්ට. දේශපාලුවන්ට කිව්වම උඹලා පාස්කු ප්‍රහාරේ එලියට ගන්නව කියලා පල්ලිය වෙනුවෙන් ඕනම දෙයක් කරල දෙනවා දේශපාලුවා. දඩයම කරේ තියාගෙන යන්නේ කවුද කියලා දැන් පේනවා. ඊබ්‍රහිම් හොඳ මිනිහලුනේ නේ.

:       2       41

Kamal Monday, 21 April 2025 09:59 AM

කවුද කිව්වා මතකයි මහමොලකරුවෙක් ගැන. තවත් එක ටොම් පචයක්

:       0       32

ශාන් Monday, 21 April 2025 10:16 AM

ගරු කතෘතුමෙනි, සැමරුම යන වචනය මේ අවස්ථාවට එතරම් උචිතයැයි නොහැඟේ. සැමරුම යන්න සතුටු සහගත දෙයක් ස්මරණය කිරිම වෙනුවෙන් යෙදිම උචිත මුත් මෙහි වන්නේ ශෝකාකූල අනුස්මරණයකි. ත්‍රස්තවාදින් හට සිය ප්‍රහාරය සාරථක වුවා යැයි සැමරිය හැක. වින්දිතයන්ට හැකිවන්නේ සිය ඥාතීන් අනුස්මරණය කිරිමටය. ඔවුන්ට සැමරිය හැකි දෙයක් නැත. ඔබතුමාගේ කාරුණික අවධානය සඳහා.

:       19       1

SedirisMonday, 21 April 2025 01:54 PM

ශාන් මහත්මයා, ඔය සැමරුම කියන වචනේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා පාදිලි කෙනෙක්ම තමයි කිව්වේ. එයාලාට ඉතින් ඕක සමරන්න වටිනා ඉවෙන්ට් එකක් තමයි. මිනිස්සුන්ට අනුකම්පාව විකුණලා දැන් අවුරුදු කීයක් තමන්ගේ දේශපාලන උවමනා එපා කම් පිරිමහ ගත්තද මෙයාලා...

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site