IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පාස්කු තව නඩුවකින් ජනපති රනිල්ගේ නම ඉවත් කරයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

පාස්කු ඉරුදින මුස්ලිම් අන්තවාදීන් විසින් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයන්ට ලක්ව මියගිය හා තුවාල ලැබුවන්ට හිටපු ජනාධිපති, හිටපු අගමැති ඇතුළු නිලධාරීන්ගෙන් වන්දි අයකර දෙන්නැයි ඉල්ලමින් එම බෝම්බ ප‍්‍රහාරයන්ට ලක්ව මියගිය හා තුවාල ලැබුවන්ගේ ඥාතීන් පවරා ඇති නඩු 108 වගඋත්තරකාරීත්වයෙන් ජනපති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු මහේෂා ද සිල්වා මහත්මිය   අද තීරණය කලාය.

කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගෙන පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වැළැක්වීමට කටයුතු නොකිරීම හේතූවෙන් කොච්චිකඬේ ශාන්ත අන්තෝනි ඇතුළු දේවස්ථාවල පාස්කු දිව්‍ය පුජාවන්ට සහභාගි වු තම ඥාතීන් මියයෑමට හා බරපතල තුවාල ලැබීමට සිදුවු හෙයින් මෙම අපරාධයන්ට වගකිවයුතු වගඋත්තරකරුවන්ගෙන් රුපියල් කෝටි 200ක පමණ වන්දි අයකර දෙන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති පෙත්සම් කැඳවනු ලැබු අවස්ථාවේදී දිසා විනිසුරුවරිය ඒ බව දැනුම් දුන්නාය.

මෙම නඩුවල වගඋත්තරකරුවකු වශයෙන් නම් කොට සිටින ජනපති රනිල් වික‍්‍රමසිංහ මහතා නඩුවේ වගඋත්තරකාරීත්වයෙන් ඔහු ජනාධිපතිධුරය දරණ තාක් ඉවත් කිරීමට නියම කරන්නයි ඔහු වෙනුවෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් දිසා විනිසුරුවරිය ඒ බව දැනුම් දුන්නාය.

කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයට ගොදුරුවුවන් විසින් වන්දි නඩු 108ක් කොළඔ දිසා අධිකරණයට ගොනු කොට ඇති අතර කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයට ගොදුරුවුවන් විසින් වන්දි නඩු 182ක් මීගමුව දිසා අධිකරණයේ ගොනු කොට ඇත.

හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ, හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර, හිටපු රාජ්‍ය බුද්ධි ප‍්‍රධානී නි්යෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ නීතීපතිවරයා වගඋත්තරකරුවන් කරමින් බෝම්බ ප‍්‍රහාරයන්ට ලක්ව මියගිය හා තුවාල ලැබුවන්ගේ ඥාතීන් විසින් මෙම වන්දි නඩු ගොනු කොට ඇත.

 



අදහස් (5)

පාස්කු තව නඩුවකින් ජනපති රනිල්ගේ නම ඉවත් කරයි

fairoos Wednesday, 01 March 2023 05:50 PM

නියමයි.. හැබැයි පුතෝ පාස්කු ප්‍රහාරය සම්බන්ධ අයට නම් සොබාදහමින් ගැලවීමක් නැහැ...

:       0       0

ගනේගොඩ Wednesday, 01 March 2023 05:52 PM

මොන දහදුරා කම් කෙරුවත් අන්තිමට , නිදොස් කොට නිදහස් ! ! !

:       0       0

Perera Thursday, 02 March 2023 04:29 AM

ජනාධිපති ලෝගුව ගැලවුන දවසට මුක්තිය යුක්තිය වෙලා මිනිහා කූඩු වේ

:       0       3

Susil Thursday, 02 March 2023 10:00 AM

මහජන ආණ්ඩුවකින් මෙයාට විරුද්ධව මේ නඩු සියල්ලම නැවත විමර්ශනය කළ යුතුයි.

:       0       4

saman sigera Thursday, 02 March 2023 11:19 AM

මොන මුස්ලිම් අන්තවාදීන් ද මැට්ටෝ .ඒක කලේ සිංහල අන්තවාදියෝ දේශ පාලුවෝ .මේ බොරු දාගෙන එන්න එපා

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site