
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පාස්කු ඉරු දින ප්‍රහාරය හුදෙකලා සිදුවීමක් නොවන බවත් 2017 සිට කරන ලද කුමන්ත්රණයක ප්‍රතිඵලයක් බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව කී අමාත්‍යවරයා එම සියලු සිදුවීම් පිළිබඳව ඉදිරියේදී පාර්ලිමේන්තුවට තොරතුරු ඉදිරිපත් කරන බවද සඳහන් කළේය.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂවරයා සුරේෂ් සලේ පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර පූර්ව ඉස්ලාම් අන්තවාදී ක්‍රියා දැනගෙන ඒවා හෙළිදරව් වීම වැළැක්වීමට ඕනෑකමින් වළක්වා ඇති බවත් ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් හෙළිදරව් වීම වැළැක්වීමට කටයුතු කර ඇති බවත් විමර්ශනවලදී තොරතුරු හෙළිවී යැයි ඔහු පැවසීය
ඒ කුමන්ත්‍රණය සඳහා ආධාර අනුබලදී ඇති බවට කරුණු වාර්තා වීමෙන් පසු සලේ අත්අඩංගුවට ගත් බවදවිජේපාල මහතා කීය.
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳව විමර්ශන නිවැරදි දිශානතියට පැමිණ ඇතැයිද ඔහු කීවේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු බේගල් ඇදබාලා බලයට ඇවිල්ලා. බලය රැකගන්නත් බේගල්ම ඇදබානවා. මේ මිනිස්සු ඇමෙරිකාවේ FBI එකේ ලොක්කා කරන්න ඕනේ...
මේ අය මිනිස්සු නම් වෙන්න බෑ.
බලලෝබී බඩගෝස්තරවාදි දූෂිත පවුල් පාලනේ උදවිය බලයට එන්ඩ කරපු වැඩක් බව ලෝකෙම දන්නවා .බලය ගන්ඩ කියපු බොරු,ගහපු ගේම් දන්නෝ හොන්දාකාරවම දන්නවා .
මේවට රැවටෙන වොශින්ටල්ලා ඉන්නවා ඒගොල්ලො සනසන්නත් එපායැ.
හරි පුදුමයි මේ ගැන ඇමෙරිකාවේ තිබුණු නඩු විභාගවලදී සුරේෂ් සලේ කියන්නේ විත්තිකාරයෙක් නෙවෙයි. ලංකාවේ පරිගණක දුරකථන පවා ඇමෙරිකාවට අරන් ගිහින් දීර්ඝ පරීක්ෂණ පවත්වල සාක්ෂි හොයල කරපු නඩු විභාග මේවා.
අන්තවාදීන් එක්ක හුරතල් වෙවී පච ඇද බාන කාලකණ්ණි.