IMG-LOGO

පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන් 16කට ඇප

 

(නිමන්ති රණසිංහ)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 16 දෙනකු වසර දෙකහමාරකට පසු නිතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව එක් අයකුට රුපියල් කෝටි දෙකක ශරිර ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා අද (25) නියෝග කළේය.

සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය, ඇප කරුවන් ළඟම ඥාතීන් විය යුතු බවට ද ඇප කොන්දේසියක් නියම කළේය.

සෑම ඉරුදිනකම පෙරවරු 9ත් 12ත් අතර කාලයේ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ පෙනී සිටින ලෙසට ද තවත් ඇප කොන්දේසියක් අධිකරණය මගින් සැකකරුවන්ට පැනවීය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 18 දෙනකු සදහා ඇප මත මුදා හැරීමට නිතිපතිවරයා උපදෙස් ලබා දී ඇති අතර ඉන් 16 දෙනකු අද (25) ඇප මත මුදා හැරුණු අතර අනෙක් දෙදෙනා ඉදිරි දිනයකදී අධීකරණයට ඉදිරිපත් කිරීමට මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාරයට නියෝග කළේය.

මෙම සැකකරුවන් හම්බන්තොට සිප්පිකුලම, නුවරඑළිය බ්ලැක්පූල් සහ කාත්තන්කුඩි කරඹලා නගර් යන ප්‍රදේශවල පවත්වාගෙන ගිය පුහුණු කඳවුරුවල අවි පුහුණුව ඇතුළු අයි එස් අයි එස් මතවාදයන්ට අදාළ පුහුණුවීම් සහ දේශනවලට සහභාගී වී ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි ද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබිනී.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව මෙම සැකකරුවන් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 7(2) වගන්තිය අනුව රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කර, අධිකරණයට ඉදිරිපත් කර තිබිණී. පසුව නිතිපති උපදෙස් ලැබෙනතුරු එම සැකකරුවන් රක්ෂිත භාරයේ තැබීමට අධිකරණය නියෝග කර තිබිණී.



අදහස් (0)

පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන් 16කට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site