
( ඉන්දිකා රාමනායක)
තානායමකදී බහින්බස්වීමක් දුර දිග යාමෙන් මත්පැන් බෝතලයක් කඩා කොස්තාපල්වරයෙකුට පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ත්‍රී රෝද රථ රියදුරකු අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ මොරගහහේන පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු වන අතර, තුවාල ලැබූ ඔහු හොරණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
පොලිස් කොස්තාපල්වරයා ඊයේ (18) රාජකාරී විවේකය වාර්තාකර පැන් පානය කිරීම සඳහා හොරණ තානායමට පැමිණ ඇත.
එහිදී ඉහත සැකකරු සමග කිසියම් සිද්ධියකට බහින්බස් වී ඇති අතර සැකකරු බෝතලයක් කඩා කොස්තාපල්වරයාට ඉන් පහර දී තිබේ. සිද්ධියෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ ගල්ඓදණ්ඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ නිලධාරීන් කරන්නෙ රාජකාරී වෙලාවේ හෝ රාජකාරී විවේකයතුල මත්පැන් පානය කරන එක. ඉතින් ගුටිකන එකත් අහන්න දෙයක්ද? මෙතුමා පුද්ගලික ආරක්ෂක සේවයක රැකියාවක් කරානම්, රාජකාරී වෙලාවේ මත්පැන්තියා, රෑට ටිකක් නිදාගත්තත්, රැකියාවෙන් එවලේම දොට්ට...