
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
පශ්වාත් සීමවාසික අවදියේ සිටි වෛද්‍යවරුන් 435 කුට පළමු පත්වීම සිංහල දෙමල අවුරුද්දට පෙර ලබාදීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා බණ්ඩාරගමදී අද පැවසීය.
පසුගිය ආසන්න දිනවලදී වෛද්‍ය වැඩ වර්ජනය කැඳවන්න හේතු වුණු පශ්වාත් සීමාවසික වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීමේ ප්රශ්නය නිරාකරණය කළා .
පශ්වාත් සීමාවාසික වෛද්‍යවරුන් ඊයෙ (04) වෙනකොට 453 ක් සිටියා. එයින් ඊයෙ (04) වනවිට ඔවුන්ගෙන් 435 ක්ම රාජ්‍ය සේවයට ඇතුලත් විම සදහා ඉල්ලුම් කළ . එම කණ්ඩායමේ සියයට 96 ක් රාජ්‍ය සේවයට ඇතුළත් වීම සඳහා අයදුම්පත් යොමු කරලා තියෙන්නේ .
අමාත්‍යවරයා එසේ පැවසුවේ බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව මගින් වෑවිට වැව්තාවුල්ලේ ඉදිකරන ලද "බණ්ඩාරගම ළමා උද්‍යානය" විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd