
(අංජුල මහික වීරරත්න)
බිඳ වැටී ඇති පශු සම්පත් සංවර්ධන අංශය යළි නඟා සිටුවීම සඳහා ඉන්දීය රජයේ පූර්ණ සහයෝගය ලබා දීමට මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී ගෝපාල් බග්ලේ මහතා අදාල එකඟතාවය පළ කර තිබේ.
ඉන්දියාවේ නවදිල්ලිහි දී පෑවත්වෙන The First Global Conference on International year of Millet සම්මන්ත්‍රණය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහභාගී වූ අතර එහි දී ඉන්දියාවේ ප්‍රමුඛ කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන සමාගමක් වන Mother Dairy කර්මාන්ත ශාලාව කෘෂිකර්ම අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.
දිනකට කිරි ලීටර් ලක්ෂ 50ක් පමණ මෙම කර්මාන්ත ශාලාව ආශ්‍රිතව කිරි හා කිරි නිෂ්පාදන කර්මාන්තය සඳහා භාවිතා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ මුදල් දැන් ලංකාවේ මාකට් එකේ තියෙනවා. මෙයාලා පශුසම්පත්වලට අතදෙනවා කියන්නේ ඉතින් මෙහෙ නිෂ්පාදනවලට කෙළවෙන එක තමයි. ඊට පස්සේ කිරි ආශ්‍රිත දේවල් ඔක්කොම විදේශවලින් ගෙන්නන්නම්...!
මොකුත්ම ඕන නෑ කිරිපට්ටි ගැන හෝ කුකුලු ගොවිපලවලට රජය අතර නොදා හිටිය නම් ඇති. ගව ඝාතනය, බිත්තර මිල වගේ අමනෝඥ තීරණ වලින් මේ කර්මාන්තය කඩා වැට්ටීමට රජය කටයුතු කලා.