
(අංජුල මහික වීරරත්න)
රජය විසින් මෙවර මහ කන්නයේ දී ගොවි ජනතාව වෙතින් මිල දී ගන්නා ලද වී සහල් බවට පත් කර ඒවා අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදා දීමේ වැඩ සටහන හෙට සිට (27) ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මෙවර මහ කන්නයේ දී රජය වී මෙට්‍රික් ටොන් 61,300ක් මිල දී ගැනීමට අවශ්‍ය කටයුතු යොදා තිබිණි.එහි පළමු අදියර යටතේ රුපියල් බිලියන 10ක් වෙන් කළ අතර වී මිල දී ගැනීම වී අලෙවි මණ්ඩලය විසින් නොව දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් සිදු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කළේය.
අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට මෙම සහල් ලබා දීමට නියමිතය.
ඒ අනුව මාසයකට එක් පවුලකට සහල් කිලෝග්‍රෑම් 10ක් බැගින් මාස දෙකක් සහල් නොමිලයේ ලබා දීමට රජය තීරණය කළේය. පවුල් ලක්ෂ 20කට මෙම සහල් සහනාධාරය දීමට සැලසුම් කර තිබුනත් පසුව එය ලක්ෂ 29ක් දක්වා වැඩි කිරීමට කටයුතු කළ බව කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත පවුල් වලින් සියයට 52ක් මෙම නොමිලයේ දෙන සහල් ඉල්ලා තිබෙි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශාල සංවර්ධනයක් පසුගිය කාලයේ සිදු වුනත් තවමත් සහනාධාර ඉල්ලන පවුල් සියයට 52ක් සිටීම සුළුපටු දෙයක් නොවේ යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය. නොමිලයේ ලබා දෙන සහල් කොළඹ, ගම්පහ, කලුතර, මහනුවර, රත්නපුර, ගාල්ල, මාතර හා තවත් දිස්ත්‍රික්ක කිහිපයකට ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් සදහා සහල් ලබා දීම හෙට (27) අගුණකොළපැලැස්ස හා වීරකැටියේ දී සිදු කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ හිඟන සංස්කෘතිය වෙනස් කරන තාක්කල් රට දියුණු වෙන්නේ නැත.
නිකං හාල් දෙන එක නම් වෙලාවෙ හැටියට හොදයි, හැබැයි චන්දෙ දිනන්න නං හිතන්නවත් එපා.. නිකන් හාල් කියන්නෙ චන්ද පරද්දන කෑමක්. විශේශයෙන්ම එක්සත් ජාතික පක්ෂයට. මතකනෙ ඩඩ්ලි මහත්තයා .
ඇත්තටම මොකක්ද මේ කරන්න හදන්නෙ කියලා නොකිව්වොත් අපිත් වැඩක් පලක් නොකර නිකං ඉදගෙන කන්න සූදානම් වෙනවා නිදහසින් පසුව සමාජවාදීන් කියාගන්නා පිරිසක් නිකං කන්න පුරුදු කලා ඒක තවත් ඉදිරියට ගෙනයාම නතර කලොත් හොදයි.
නිකම් දෙන එක අරගෙන කාපියව්. තෝපේ දරු මුණුබුරන්ට ආදයක් තියෙනවා නම් මේ පරයන්ට විරුද්දව කතිරේ ගහපල්ලා.