(අජන්ත කුමාර අගලකඩ)
තමා පාවිච්චි කළේ එක තුරුම්පුවක් පමණක් බවත් අවශ්‍ය වුවහොත් පාවිච්චි කිරීමට තවත් තුරුම්පු බොහෝමයක් තිබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (8) රාත්‍රී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාවේදී හා සමස්ත ලංකා කාරක සභාවේදී ප්‍රකාශ කර ඇත.
තමන් ගෙන ඇති තීන්දු තීරණ කිසිම හේතුවක් මත අතරමග නතර නොකරන බව බවසා ඇති ජනාධිපතිවරයා ඒවා ආපස්සට ගන්නේ නැති බවද සඳහන් කර තිබේ.
ලබන 14 වැනිදා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ වැඩ පිළිවෙළට සහයදෙන ලෙස එක්සත් ජතික පක්ෂයෙන් ඉල්ලීමක් කරන බව පවසා ඇති ජනාධිපති සිරිසේන මහතා එසේ නොකරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් නීතියටත් එකඟව කළහැකි තුරුම්පු ළඟ තිබෙන බවද පවසා ඇත.
එම වැඩ පිළිවෙළට සහය දෙන්නේ නම් මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපද බේරාගෙන පාර්ලිමේන්තුවේ සම්පූර්ණ කාලය ගත කිරීමට හැකි වන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කිසිඳු අවශ්‍යතාවයක් නැතැයිද ජනාධිපති සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත.
තමා මෙතෙක් ගත් තීන්දු තීරණ සියල්ල ගත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් නීතියටත් අනුව බව පවසා ඇති ජනාධිපති සිරිසේන මහතා ඒ සඳහා නීති විශාරදයින්ගේ හා ව්‍යවස්ථාවේ විශාරදයින්ගෙන් උපදෙස් ලබා ගත් බවද සඳහන් කර ඇත.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් තමා හමුවීමට අවස්ථාව ඉල්ලා ඇතැයිද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රීවරුන් තබා ගැනීමට ඔවුන්ට මුදල් දෙන බවට තොරතුරු ලැබී ඇතැයි ජනාධාපතිවරයා සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ අද රාත්‍රීයේ පැවැති අතර හිටපු අගමැති දී.මු ජයරත්න,15 දෙනාගේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් සියලු දෙනාද සහභාගි වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා පක්ෂය ආරක්ෂා කරන්න ගිහින් 2015දී අපි බලාපොරොත්තු වූ සියලුම දේවල් විනාශ කරලා දැම්මා...
ලෝකයාට විහිළු සපයන ලෝකයේ තිබෙන එකම රට සිරි ලංකාවයි. මෙවැනි සිදුවිම් දෙස බලා විදේශ රටවල් ලංකාවේ අනාගතය ගැන කුමක් කියාවිද? මේ නායකයා කියපු කියන කිසිවක් විශ්වාස කළ හැකිද?
ඡන්දයක් එනකම් ඉන්න... අපේ තුරුම්පු පෙන්නන්නම්...
ගමරාලට ගිය කලක්....
මේ ගොල්ලෝ බූරු ගහනවා. අපි තැලෙනවා.
පැයකින් යනවා කියපු තුරුම්පුව මතක නැති කරන්න එපා..
මෙයාගේ අලුත්ම කයිවාරුව "තුරුම්පුවද"? වසර තුනහමාරක් තිස්සේ ගුවන් තොටුපොළේ ගේට්ටු වහලා රටේ වටිනා සම්පත් පිටරට තැන්පත් කරපු අපරාධකාරයන් කීදෙනෙක් අල්ලා ගත්තද? කී දෙනෙකුට මඩු වලිගයෙන් තැලුවාද? පොළව පලාගෙන නරකාදියට ගිහින් අපරාධකාරයන් කීදෙනෙක් මෙලොවට ගෙනාවද? දැන් ඒවගේම එක්සත් ජාතික පාක්ෂියකයන් භේදභින්න කර ඔබගේ තුරුළට ගන්න හදනවාද? "විශ්‍රාම පගාව" මුලට දමා මන්ත්‍රීවරුන්ගේ හිතේ භීතිය ඇතිකර ඡන්ද හූරාගැනීමේ ප්‍රයත්නයක ජනාධිපතිවරයෙකුට නොගැලපෙන නීච ව්‍යායාමයක යෙදෙන්නේ බයට මිස වෙන මොන බම්බුවකටද? රනිල් අගමැතිතුමාට සෑහෙන්න අපහාසකර ඒ මදිවට එතුමා මහනායක හිමිවරුන් සහ කාදිනල්තුමා මුණ නොගැසීම ගැන කතාකලේ... ආගම් සහ එතුමා අතර භේද ඇතිකිරීම සඳහා නොවේද? එවැනි තුට්ටු දෙකේ කතා, පදවියේ සිටින ඔබ වැනි ජනාධිපතිවරයෙකුගේ කටින් මිස ගමේ ගොඩේ නූගත් අය බීගෙන සද්දේ දාන වෙලාවටවත් අප අසා නැත! අපට ඔබ ගැන දුක නැත... දුක ඇත්තේ ඔබව ඔතැනට ඔසවා තැබූ අසරණ ඡන්ද දායකයන් ගැන පමණි...! ඔවුන්ට ඔබේ අවංකභාවය ගැන අමුතුවෙන් ඉගැන්වීමට දෙයක් දැන් ඉතිරිවෙලාත් නැත. දෙවැනි ජනපතිවරණයකින් ඔබගේ ජය ගැන සිහින මවන්නත් එපෝ...!
රට වෙනුවෙන් ගත් තීරණ එලෙසම තියා ගන්න
එහෙමයි
ඔබතුමාගේ ඔය තුරුම්පු බඩු මිල අඩුකිරීමට රජයේ සේවකයින්ගේ හා විශ්‍රාමිකයින්ගේ වැටුප් වැඩිකිරීමට, නිවාස හා ඉඩම් ප්‍රශ්න විසදීමට වාහනවලට අයකරන අධික බදුබර අඩු කිරීමට යොදවන්න. අපේ ඡන්ද ලබන වරත් ඔබතුමාටම දෙනවා.
ඒත් රට නම් පස්සට යන්නේ.
තමන්ගේ වැඩ පිළිවෙළට සහය දෙන්නේ නම් මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපද බේරාගෙන පාර්ලිමේන්තුවේ සම්පූර්ණ කාලය ගත කිරීමට හැකි වන බව කියන එක අඟවන්නේ වෙනත් පැත්තක් නේද?
ජනාධිපති තුමනි, පලමුව පාර්ලිමේන්තුව රැස්කර පසුව ඔක්කොම තුරුම්පු ගහන්න,
කතාවලින් තේරෙන්නේ ලොකු පීඩනයක සිටින බවයි... කිවයුත්තේ මොනවද? නොකිය යුත්තේ මොනවද? කළ යුත්තේ මොනවද? නොකළ යුත්තේ මොනවද? කියා තෝරා බේරාගන්නට නොහැකි තරමටම උග්‍රව පීඩා විඳිමින් ඉන්නේ... දැන් එය පලිගැනීමකට පරිවර්තනය වෙමින් තිබෙනවා. මෙවැනි තනතුරකට අවශ්‍ය ඉවසිලිමත්බව සහ උපෙක්ෂා සහගත බව නොමැති කෙනෙක් බව හොඳින් වැටහේ...
රට කියන්නේ බූරු පිටියක්ද? තුරුම්පු ගහන්න...
තුරුම්පුව ගහගන්නවා ????.
විධායක බලතල ජනාධිපතිට පවරලා තියෙන්නේ අවශ්‍ය වූ කළ පවිච්චි කිරීමටයි. නැතිව හමස්පෙට්ටියේ තැබීමට නොවේ. ඔබතුමා ගත් තීරණය ඉතා නිවැරැදියි. රට වෙනුවෙන් නිසි තීරණ අරගන්න. අපි ඔබතුමා සමගයි.
හෑ... අපි හිතුවේ සමනළ සංධ්වනිය ඉවරයක් වුණා කියලා...
අවුරුදු තුනහමාරක් ගහපු තුරුම්පු වලප්‍රතිඵල තමයි මේ දකින්නේ..
මේපාර පාවිච්චි කරේ බූරුවා කොලේ වෙන්ට ඇති.
තුරුම්පු හොයනවා රනිල්ට ගහන්න. 2015 ජනාධිපතිවරණයේ පැල්මඩුල්ලේ රැලියේ වීඩියෝ එක තියනවා නම් බලන්න. කාටද ඔය සැලසුම් කරලා ගහන්නේ කියල මතක් වෙයි.
ගහන්න.. ඔක්කොම කුජීත වෙලාම යන්න! හැබැයි, තුරුම්පු කියලා ජෝකරයව ගහන්න එපා!
මොන තුරුම්පු ගැහුවත් 2020 වෙනකම් විතරයි. ඊට පස්සේ කුට්ටමයි, පැදුරයි දෙකම නැතිවෙයි.
තුරුම්පු ටික පොළොවේ ගහන්න...
දැන් එතකොට ප්‍රෙස් කරන්නේ සූදු කෙළින එකද? තුරුම්පු පාවිච්චි කරලා...
කොලේවහලා ගහල අලියා කුජීත කරන බව හැමදාම බූරු ගහන බව මම දැනගෙන හිටියා.
හරියට හරි. ඔන්න ඕක කියපුදාට පහුවදාම ඊළඟ තුරුම්පුව ගැහුවා.
මහත්තොයෝ තුම්පු ඔක්කොම හරි පාවිච්චි කරලා ඔය මහා බැංකු හොර එලවන්න
ඔබතුමාගේ ඔය තුරුම්පු ටික හොඳින් රෝල් කරලා කොහේහරි ගහගත්තා නම් ඉතාමත් වටිනවා.