
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කොටුගොඩ නිවෙසකින් රුපියල් ලක්ෂ තිස් දෙකක් වටිනා දේපොළ කොල්ල කෑ බව කියන හිටපු පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව සීදූව පොලිසිය පවසයි.
දේපොළ කොල්ලකෑ නිවසේ සවි කර තිබූ සීසීටීවී කැමරාවක රූපරාමු පරික්ෂා කිරීමෙන් සහ ජංගම දුරකථන විශ්ලේෂණ වාර්තා අනුව හෙළි වූ තොරතුරු මත මෙම හිටපු පොලිස් කොස්තාපල්වරයා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු මිරිහාන මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටියදී සේවයට වාර්තා නොකර සිටීම නිසා සේවය අතහැර යාමේ නියෝග නිකුත් කර තිබූ අයෙක් බව පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd